IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩයලොග් සමූහය 2024 මූල්‍ය වර්ෂයේදී රජයට රු.බි. 47.3 ක බදු ගෙවලා

  • ආසන්න වසර 10කදී රජයට ගෙවා ඇති බදුවල වටිනාකම රුපියල් බිලියන 328ක් 
  • මෙතෙක් සිදු කර ඇති සමස්ත ආයෝජනය ඩො.බි. 3.37ක් දක්වා ඉහළට  

භානුක අමරසිංහ 

ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහය 2024 වසරේ මූල්‍ය වර්ෂය තුළදී බදු ලෙස රජයට රුපියල් බිලියන 47.3ක් ගෙවා ඇතැයි පවසයි. 

ඒ අතරින් රුපියල් බිලියන 10.6ක් ඍජු බදු සහ අය කරගැනීම් ලෙසත්, රුපියල් බිලියන 36.7ක් වක්‍ර බදු (වැට්, තීරු බදු සහ වෙනත් පරිභෝජන බදු) ලෙස රජය වෙත ගෙවා ඇතැයි ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සඳහන් කරයි. 

2024-25 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මේ බව  සඳහන් කර සිටියි. 

මෙම බදු ගෙවීම සම්බන්ධයෙන් එම වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වන ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, “ඩයලොග් සමාගම තවදුරටත් ජාතික ආර්ථිකය වෙත විශාලතම දායකත්වයක් ලබා දෙන සමාගමක් ලෙස ක්‍රියාත්මක පවතිනවා.“ යනුවෙන් පවසයි. 

ඒ අනුව පසුගිය වසර 10ක කාලය තුළදී පමණක් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම රජය වෙත ගෙවා ඇති බදු සහ අය කිරීම්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 328ක් වන බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. 

මේ අතර ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම ඍජු විදේශ ආයෝජකයා ලෙස සිටින බවත්, මේ දක්වා සිදු කර ඇති ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.37ක් වන බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි. 

එසේම 2024 මූල්‍ය වර්ෂයේදී ඩයලොග් ආසිආටා සමූහය මෙරට තුළ තවත් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 30.3ක් ආයෝජනය කර ඇති අතර, එය සිය සේවා පුළුල් කිරීමට, තාක්ෂණය යටිතල පහසුකම් දියුණු කිරීමට මෙන්ම එයාර්ටෙල් ලංකා සමාගම හා ඒකාබද්ධවීම යනාදියට වියදම් කළ බවත් පවසයි.

 



අදහස් (0)

ඩයලොග් සමූහය 2024 මූල්‍ය වර්ෂයේදී රජයට රු.බි. 47.3 ක බදු ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site