ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම අත්පත් කරගනු ලැබේ.
ඒ සඳහා, ඩයලොග් සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතය.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු බව ඩයලොග් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවද ඩයලොග් සමාගම පැවැසුවේය.
සමාගම් දෙක අතර සිදු කෙරෙන මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව අදහස් දක්වමින් ආසිආටා බර්හාඩ් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ් මහතා ප්‍රකාශ කර සිටියේ වෙළෙඳපොළේ වත්මන් වෙනස්වීම්වලට අනුගත වෙමින් ඩයලොග් සහ එයාර්ටෙල් ලංකා අතර මෙම ඒකාබද්ධ කිරීම සිදු කෙරෙන බවත් මෙමගින් ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආසිආටා සමූහයේ කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වෙන බවත්ය.
මෙලෙස මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට එකඟ වීම පිළිබඳව එයාර්ටෙල් ලංකා සමාගමට හා කාර්ය මණ්ඩලයට ඉහළම ගෞරවය පුදකරන බවත් ඉදිරියේදී උපරිම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් විවේක් සූඩ් මහතා එහිදී පැවැසුවේය.
ආසිආටා හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් දෙකක ශක්තීන් ඒකාබද්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ තිරසාරභාවයට මහත් රුකුලක් වන බවත් මෙමගින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට වඩාත් ඉහළ අත්දැකීමක් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවත්ය.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩයලොග් අලුත් මාවතකට
Indika gamage Friday, 19 April 2024 08:53 AM
නමුත් මම දැන් අවුරුදු 8 තිස්සේ කතා කරනවා තාම මට මගේ ගෙදරට සිග්නල් සහ අන්තර්ජාලය නැහැ.
හරිස්චන්ද්‍ර Friday, 19 April 2024 01:52 PM
කොහේද ඔබ අවුරුදු අටක් තිස්සේ ඉන්නේ...?
සුමති s දිසානායක Friday, 19 April 2024 01:55 PM
පුදුම විදියට පාරිභෝගිකයෝ ගසාකන ආයතනයක්. මේ හොරකම් අනාගත රජයකින්වත් හොයන්න ඕනේ...!