IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් නුදුරේදීම

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇත.

2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වඩාත්ම ශීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රය බවට සංචාරක කර්මාන්තය පත්වීමත් සමග සංචාරක කර්මාන්තයේ  ප්‍රවර්ධනය උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගත් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට  අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමැතිය ලබා දී ඇත.

මේ අතර 'ගූගල්' (Google) ආයතනය විසින් සිදු කරන ලද මෑතකාලීන සමීක්ෂණයකට අනුව ලොව සංචාරකයින්ගේ 50%කට වඩා වැඩි සංඛ්‍යාවකට තමන්ගේ ඊළඟ සංචාරක ස්ථානය හෝ එහිදී ලැගුම් ගත යුතු ස්ථාන පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව කටයුතු කරන බව හෙළීවී ඇති අතර මෙවැනි වැඩසටහන් හරහා එහි වාසිය ලංකාවේ සංචාරක ආකර්ෂණය සදහා යොමු කර ගැනීමටද මින් අපේක්ෂිතය.

මේ වන විට සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය මාධ්‍ය කොට ගත් ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණයට ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත.

 



අදහස් (0)

ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් නුදුරේදීම

සිල්වා Monday, 04 April 2016 07:57 AM

ඉතා හොද තීරණයක් සංචාරක කර්මාන්තය හරියට කළමනාකරණය කරගතහොත් රටට විශාල මුදලක් ලබා ගන්න පුළුවන් ඒ වගේම එයට සරිලන පසුකම් සැපයීම ඉතා වැදගත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site