විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ”අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද ලිහිල් කර ගැනීම සඳහා වොෂිංටන්හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රජය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටීම සාදරයෙන් පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාධාරණ හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ සබඳතා ඉදිරියට ගෙන යන සාකච්ඡාවලට ප්‍රමුඛත්වය දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නියෝජිත පිරිසට සිය කෘතඥතාව පළ කරන බවද එම සංසදය පැවැසුවේය. ඇමෙරිකාව ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ විශ්වාසවන්ත මෙන්ම අඛණ්ඩ හවුල්කරුවකු බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කළේය.
සෘජුවම සේවකයන් 350,000 කට සහ රට පුරා තවත් 700,000 ක ජීවනෝපාය සඳහා සහාය වන කර්මාන්තයක් ලෙස, ප්‍රධාන වෙළෙඳ බාධක ආමන්ත්‍රණය කිරීමට සහ ශ්‍රී ලංකා අපනයන සඳහා වෙළෙදපොළ ප්‍රවේශය සහ තරඟකාරිත්වය ආරක්ෂා කරන විසඳුම් සෙවීමට රජය දක්වන කැපවීමෙන් ඇඟලුම් කර්මාන්තය දිරිමත්වී සිටින බවද එම සංසදය පැවැසුවේය.
ඉදිරියේදී දෙපාර්ශ්වය එකඟ වන ඕනෑම තීරු බදු ප්‍රතිශතයක් අනෙකුත් ඇඟලුම් නිෂ්පාදනය කරන ජාතීන්ට පිරිනමන තීරුබදු ප්‍රතිශතවලට සමාන වනු ඇතැයි විශ්වාස කරන බවත් එමගින් ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා සමාන තරඟකාරීත්වයක් සහතික කෙරෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් බද්ද ලිහිල් කිරීමේ රජයේ උත්සාහයට ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රසාදය