
විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ”අන්‍යෝන්‍ය බද්ද” අත්හිටුවු කාලය අනිද්දා (09) අලුයම 12.01ට අවසන් වීමට නියමිත අතර, ඊට පෙර මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද අඩුකළ බව දන්වමින් ජනපති ට්‍රම්ප්ගේ අත්සනින් යුත් ලිපියක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
‘‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීමට මෙරට බලධාරීන් ඇමෙරිකා වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර, අවසන් වටය පසුගිය මැයි 26 වැනිදා ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී පැවැත්වුණේය. එවකට මුදල් හා ආර්ථික ස්ථායිකරණ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා පැවැත්විණි.
රටවල් 12 ක් සඳහා ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට අවසාන වශයෙන් පනුවනු ලබන ‘‘අන්‍යෝන්‍ය බදු” ප්‍රතිශත ඇතුළත් ලිපිවලට තමන් අත්සන් තැබූ බවත්, එම ලිපි අද (07) රටවල්වලට ලැබීමට සලස්වන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. ලිපි මගින් පනවා ඇති නව බදු ප්‍රතිශත පිළිගැනීම හැර වෙන විකල්පයක් එම රටවලට නොමැති බවත් ට්‍රම්ප් පැවැසුවේය.
පසුගිය අප්‍රේල් 2 වැනිදා ජනපති ට්‍රම්ප් ‘‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය ප්‍රකාශයට පත්කළ අතර, එය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි. එහිදී ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට එම රටවලදී ඇමෙරිකානු භාණ්ඩවලට පනවන බදු ප්‍රතිශතය මත පදනම්ව බදු පනවනු ලැබුවේය. කෙසේ නමුත් පසුගිය අප්‍රේල් 9 වැනිදා ‘‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය ක්‍රියාත්මක කිරීම දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය.
එහිදී තම රටට පැනවූ බදු ප්‍රතිශත අඩුකර ගැනීම සඳහා බොහෝ රටවල් සාකච්ඡා මේසයට පැමිණි අතර, ඒ සඳහා ප්‍රථමයෙන් පැමිණි රටවල්වලට ශ්‍රී ලංකාවද අයත් විය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“ට්‍රම්ප් තීරු බද්ද” අඩුකළ බව දන්වන ලිපියක් මෙරටට ලැබෙතැයි අපේක්ෂාවක්
සමන් - ඕමානය Tuesday, 08 July 2025 11:01 AM
දෙයියන්ට බාරයක් වත් වෙමුද, බද්ද ඉස්සෙල්ලා තිබුණු ගානට අඩු කරදෙන්න කියලා?