IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ටෙක්නොසිටි ‘Computex Taipei - 2025’ට එක්වෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ ඉහළ කළමනාකාරීත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේ හි පැවැති ‘Computex Taipei  - 2025‘ නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ දී උපායමාර්ගික සංචාරයක යෙදිණි.

Computex Taipei යනු, සෑම වසරකම තායිවානයේ තායිපේ හි පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම වසරකම ප්‍රදර්ශකයන් 1,600 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර වෘත්තීයවේදීන් 40,000 කට අධික සංඛ්‍යාවක්  COMPUTEX TAIPEI  සඳහා සහභාගී වේ.

මෙය, කෘත්‍රිම බුද්ධිය (AI)  සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වර්තමාන ගෝලීය ප්‍රවණතා සමග සමාගමේ වර්ධනයට ගැළපෙන පරිදි සැලසුම් කිරීමේ තවත් එක් ඉදිරි පියවරකි.

මෙම සංචාරය සඳහා, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆැමි ඉස්මයිල් මහතා ගේ නායකත්වයෙන්, ප්‍රධාන විධායක නිලධාරී අක්‍රම් බදුර්දීන්, බෙදාහැරීමේ අධ්‍යක්ෂ ගෙහාන් තංගප්පන් සහ අධ්‍යක්ෂ Gaming & Components, මොහොමඩ් කදීර් යන මහත්වරු එක්ව සිටියහ.

මෙම නායකත්ව කණ්ඩායමේ සහභාගීත්වය, ටෙක්නොසිටි සමාගමේ උපායමාර්ගික අභිප්‍රාය පෙන්නුම් කළේය. එනම්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධති ජාලය තුළ කෘත්‍රිම බුද්ධිය (AI)  ප්‍රවර්ධනය කිරීමට ටෙක්නොසිටි සමාගමේ ඉදිරි උපායමාර්ගික දැක්ම ඉදිරිපත් කිරීමක් විය. ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධති ජාලය පුරා (AI)  භාවිතය උත්ප්‍රේරණය කිරීම හරහා, කෘත්‍රිම බුද්ධිය (AI)  පිළිබඳ අවබෝධය වේගවත් කිරීම අරමුණු වේ.

“කෘත්‍රිම බුද්ධිය හෙවත්(AI)  යනු දැන්Aspirational හෙවත් අභිලාෂකාමී අංගයක් පමණක් නොවේ. එය ‘මූලික පදනමක්‘ බවට පත් වෙමින් පවතී.

එසේම, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන් වූ මෙවලම් ලාංකීය ජනතාවට ලබා දීමට අවශ්‍ය නාළිකා සහකාරිත්වය සහ අභ්‍යන්තර හැකියාව ගොඩනැඟීමට අපි කටයුතු කරමින් සිටිමු...”‍ යනුවෙන්  The Technocity  සභාපති, Famy Ismail  මහතා ප්‍රකාශ කළේය.

The Technocity  සමාගම ASUS, MSI, Corsair, ViewSonic, Raidmax, ADATA  සහ Gamdias වැනි තායිවානය පදනම් වූ ජාත්‍යන්තර සන්නාම 20කට වඩා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ෂණවෙළෙඳපොළට ගෙන්වා බෙදා හරිනු ලබයි.

මෙම සංචාරය තුළ දී ටෙක්නොසිටි කණ්ඩායම AI  කේන්ද්‍රීය පරිගණකකරණය, සුභෝග්‍ය ව්‍යාපාර විසඳුම් සහ නවීන ක්‍රීඩා වේදිකා පිළිබඳ ගවේෂණය කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ සම්පුර්ණයෙන්ම යථාවත් කිරීමක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ පවතින සෙමින් වර්ධනයට පිළිතුරක් ලෙස, The Technocity මෙම ක්ෂේත්‍රයට නායකත්වය දීමට ඉදිරිපත් වෙමින් සිටී. ඒ සඳහා, දැනටමත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන නව නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බව සමාගම සදහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය ලෝකයේ තාක්ෂණික දිශානතිය වෙනස්ම හැඩයක් කරා ගෙන යන අතර, The Technocity සමාගම ශ්‍රී ලංකාවට එම ප්‍රගතිකාරී ගමනේ මූලික මාර්ගය සැලසුම් කරමින්, ගෝලීය ප්‍රමිතීන්ට සමාන තාක්ෂණික පද්ධතියක් බිහි කිරීමට කැප වී සිටී.

 



අදහස් (0)

ටෙක්නොසිටි ‘Computex Taipei - 2025’ට එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site