IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජර්මානු ආයෝජකයෝ ශ්‍රී ලංකාව පිළිබඳ නැවතත් උනන්දුවෙන්

 

ලංකාව සමග සහයෝගීතාවෙන් වැඩ කිරීමට ජර්මානු සමාගම් දක්වන උනන්දුව ඉහළට
නව ආර්ථික වර්ධන මාවතක් කරා ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන
ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිස මිලියන 3.6 ක ජර්මානු සමාගම් නියෝජනය කරති


නිස්තාර් කසීම්


බෙහෙවින් වැඩිදියුණු වූ සාර්ව ආර්ථික පරිසරය සහ ආර්ථික වර්ධන අපේක්ෂාවන් ඉහළ යාම හේතුවෙන් ජර්මානු ආයෝජකයන් සහ ව්‍යාපාර ශ්‍රී ලංකාව පිළිබඳ නැවතත් උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් මහතා ප්‍රකාශ කළේය.
ජර්මානු ආයෝජකයන් නැවතත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දරන උනන්දුව ඉහළ යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සිදුකළ නිල සංචාරය එක් හේතුවක් වී ඇත.
ඒ පිළිබඳ අදහස් දක්වමින් මාටින් ක්ලෝස් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සමග සහයෝගීත්වයෙන් වැඩ කිරීමට ජර්මානු සමාගම් දක්වන උනන්දුව ඉහළ යමින් පවතින බවයි. නව ආර්ථික වර්ධන මාවතක් කරා ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජර්මානු සංචාරයේදී එරට ව්‍යාපාරික ප්‍රජාව සමග පැවැත්වූ ඉහළ පෙළේ ව්‍යාපාරික සංසදය සංවිධානය කළ එක් පාර්ශ්වයක් වූ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය යටතේ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිස සිටී. එම සංසදයේදී ශ්‍රී ලංකාවේ නැවත ආයෝජන කළ හැකි බවටත්, වැඩිදුර වෙළෙඳ කටයුතුවල නිරත විය හැකි බවටත් පැහැදිලි පණිවුඩයක් ජර්මානු ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ට ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිස 2018 වසරේ සිට මෙරට මෙහෙයුම් සිදු කරයි. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා සහ ජර්මානු සමාගම්වලට දෙරට තුළදී සාධාරණ ව්‍යාපරික අවස්ථා ලබාදෙන වේදිකා නිර්මාණය කිරීමට කැපවී සිටී. ශ්‍රී ලංකවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිසට ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශයේ සහාය හිමිවේ.
ලොව පුරා රටවල් 93 ක ස්ථාන 150 ක් සිටින ජර්මානු වාණිජ මණ්ඩල ජාලයේ සාමාජිකයන් ඔවුන්ගේ අත්දැකීම්, සම්බන්ධතා සහ සේවා ජර්මානු සහ අදාළ හවුල්කාර රටවල සමාගම් වෙත පිරිනමයි. ඔවුන් විදේශ රටවල ජර්මානු සමාගම්වල ව්‍යාපාර පුළුල් කිරීමටත්, ව්‍යාපාර ආරම්භ කිරීමටත් සහාය වේ. ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිස මිලියන 3.6 ක ජර්මානු සමාගම් ප්‍රමාණයක් නියෝජනය කරති.
බර්ලිනයේ පැවති ව්‍යාපාරික රැස්වීම් කිහිපයකින් පසුව ශ්‍රී ලංකවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිස සහ ආයෝජන මණ්ඩලය අතර රැස්වීමක් පැවැති බවත් ව්‍යාපාරික පරිසරය වැඩි දියුණු කළ හැකි අවස්ථා හඳුනා ගැනීම එහි අරමුණ වූ බවත් ක්ලෝස් මහතා ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක සිට ජර්මානු සමාගම් මෙරට රැඳී සිටින බවත් ජර්මානු සමාගම් මෙරට ගෞරවයට පාත්‍රවී තිබෙන බවත් ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග කාලවලදී ජර්මානු සමාගම් මෙරට අත්හැර නොගිය බව ඔහු ප්‍රකාශ කළේය. ගෝලීය අභියෝග සහ භූ දේශපාලනය අවිනිශ්චිතතා සැලකිල්ලට ගනිමින් ජර්මානු සමාගම් නව ආයෝජන සහ නිෂ්පාදන ගමනාන්ත කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමට පටන්ගෙන තිබෙන බව ක්ලෝස් මහතා පැවැසුවේය. එය ජර්මානු සමාගම්වල විවිධාංගිකරණ උපාය මාර්ගයේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කළේය.
දකුණු ආසියාව විශේෂයෙන් ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුම ගමනාන්තය බව ක්ලෝස් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ජර්මානු ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ඔවුන් වැඩි උනන්දුවක් දක්වන අංශ මොනවාද කලින් හඳුනා ගතයුතු බවත් හඳුනා ගන්නා එම අංශ සඳහා නිසි ප්‍රවර්ධන ලැබෙන බවට සහතික කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. එමගින් ලැබී තිබෙන මෙම අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට නිසි ප්‍රයෝජන ලබාගත හැකි බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ දැනටමත් සිටින ජර්මානු ආයෝජකයන්, සන්නාම සහ සමාගම් මෙරට තිබෙන සිය ව්‍යාපාර තවත් පුළුල් කිරීමට අදහස් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. ව්‍යාපාර සඳහා හිතකර ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් සහ ඒවා ක්‍රියාත්මක කරමින් මෙන්ම ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු යැයි ඔහු පැවැසුවේය.
ජර්මානු වෙළෙඳ, ආයෝජන සහ සහයෝගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ කැපවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් මහතා ප්‍රකාශ කළේය.
ඇඟලු‍ම්, සංචාරක සහ කුළුබඩු වැනි සාම්ප්‍රදායික අංශවලට අමතරව, සැපයුම් සහ යටිතල පහසුකම් (ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම අනුව), පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂමතා විසඳුම්, තොරතුරු තාක්ෂණ සේවා, නවෝත්පාදන සහ නව ව්‍යවසායක ව්‍යාපාරික පරිසරය, තිරසාර කෘෂිකර්මාන්තය සහ කෘෂි තාක්‍ෂණය, මූල්‍ය තාක්‍ෂණය, සෞඛ්‍ය තාක්‍ෂණය යන අංශ යටතේද ජර්මානු ආයෝජකයන් මෙරට සිදුකරන ආයෝජන වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ඔහු පැවැසුවේය.

 



අදහස් (0)

ජර්මානු ආයෝජකයෝ ශ්‍රී ලංකාව පිළිබඳ නැවතත් උනන්දුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site