IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජපාන නියෝජිතයෝ පාත්ෆයින්ඩර් පදනම සමග සාකච්ඡාවක



ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ දෙරට අතර සහයෝගීතාව අරමුණු කරගෙන ඉදිරි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ආකාරය ගැන සාකච්ඡා කර ඇත. 

ශ්‍රී ලංකා රජයේ සැලසුම් හා ජපානයේ සහයෝගීතාව සම්බන්ධයෙන් වූ අතර මැද වැඩසටහන්  ඉකුත් දශක දෙකකට වැඩි කාලයක් පාත්ෆයින්ඩර් පදනම ක්‍රියාත්මක කළ ආකාරය එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී පෙන්වාදුන් අතර දෙරට අතර සමීප සම්බන්ධතාව සහ ආර්ථික හවුල්කාරිත්වය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත. ජපානයේ සහාය ඇතිව ඉන්දියානු සාගර කලාපය ආවරණය කරන ඉහළ පෙළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ අදහස මෙහි දී මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කොට තිබේ.

ත්‍රිකුණාමලය උපදේශනය මැයෙන් 2017 සහ 2019 වසරවල දී පාත්ෆයින්ඩර් පදනම විසින් පවත්වන ලද සමුළුවට ජපාන රජය සම්බන්ධ වූ ආකාරය සහ 2019 වසරේ සිට දෙවසරකට වතාවක් පාත්ෆයින්ඩර් පදනම පවත්වන ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුව සාර්ථක කරගැනීම සඳහා ජපාන රජය සම්බන්ධවීම ගැන ද කරුණු සාකච්ඡා කොට තිබේ.

තානාපතිවරයා සමග එහි දේශපාලන අංශ ප්‍රධානී සිහිනිචි මුරාටා මහතා ද සාකච්ඡාවට සහභාගී වූ අතර පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක, අධ්‍යක්ෂක ඒ. ඒ. ජවාඩ්, කළමනාකරු වැඩසටහන් ගයත්‍රී නානායක්කාර යන මහත්ම මහත්මීහු  මෙම අවස්ථාවට සහභාගී වූහ. සාකච්ඡා අවසානයේ දී නියෝජිත පිරිස ‘මහානාග’ යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ කැලණිය රජ මහා විහාරස්ථානය බලා පිටත්ව ගිය අතර එහි දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් ද මුණ ගැසිණ.

 



අදහස් (0)

ජපාන නියෝජිතයෝ පාත්ෆයින්ඩර් පදනම සමග සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site