IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජුනි මාසයේ සියලු කොටස් මිල කැපී පෙනෙන තැනක

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉකුත් ජුනි මාසයේ දී සියලු කොටස් මිල දර්ශක 242 කින් ඉහළ ගිය අතර ජූලි මාසයේ දී එම දර්ශකය තවත් ඒකක 1,645 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා කළ හැකිය. මෑත භාගය තුළ දක්වන ලද ප්‍රගතිය සලකා බලන පසු අගෝස්තු මාසයේ දී ස්ථාවර තැනක් ඉල්ලා සිටින්නට ඉඩ තිබේ. එහි දී යම් යම් උච්ඡාවචන අපේක්ෂා කළ හැකි අතර හදිසි විකිණීම් හේතුකොටගෙන දර්ශක පහත වැටීමේ අවදානමක් ද තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර ඇති පරිදි ඔවුන්ගේ ඊළඟ නිරීක්ෂණය සමග මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. සංවර්ධන අරමුණ සහිත තරගකාරී ව්‍යුහයකට ඇතුළු කිරීම අරමුණු කරගත් තීන්දු ගැනීමට රජයට සිදුවනු ඇත. බැංකු පද්ධතියේ අකාර්යක්ෂමතාව ගැන දිර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති මුල්‍ය අරමුදල ඒවායේ වත්කම් ගැන හා පුද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ගැන මත පළ කර ඇත. ඇමරිකාව පනවන ලද බදු ප්‍රතිශත සමග ආර්ථීකය හැසිරෙන ආකාරය ද ලබන සඳුදා ආරම්භවන අගෝස්තු මාසයේ කොටස් වෙළෙඳාම කෙරෙහි යම් බලපෑමක් එල්ල කරන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙරටින් යැවෙන ඇඟලුම්වල ඉල්ලුම පහත වැටීමේ අවදානම අඩුබව විශේෂඥ වාර්තා අනාවරණය කරයි. කෙටි කාලයකට තැති ගැන්මක් ඇති වියහැකි නමුත් පසුව ආවරණයවනු ඇතැයි සැලකේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,642.48 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 76.33 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,762.17 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.49 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 5.66 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 31,878 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 205.8 ක් විය. සමාගම් 152 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 103 කි. 
 
නිරීක්ෂක



අදහස් (0)

ජුනි මාසයේ සියලු කොටස් මිල කැපී පෙනෙන තැනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1903 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site