
විමුක්ති එස් රුද්‍රිගු
මෙම මස පළමු දින 18 තුළදී මෙරටට සංචාරකයන් 74,570 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වසර ආරම්භයේ සිට මෙම මස 18 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,104,373 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ ජුනි මස පළමු දින 18 ට සාපේක්ෂව මෙම වසරේ ජූනි මස පළමු දින 18 තුළ මෙරටට පැමිණි සංචාරකයන් පිරිස සියයට 12 කින් වර්ධනය වී තිබේ. පසුගිය වසරේ ජූනි මස පළමු දින 18 ට තුළදී මෙරටට සංචාරකයන් 66,522 ක් මෙරටට පැමිණ තිබිණි.
මෙම මස පළමු දින 18 තුළදී මෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වාද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පළමු දින 18දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 22,000 ක් මෙරටට පැමිණ ඇත. එසේම වසර ආරම්භයේ සිට පසුගිය 18 වැනිදා දක්වා ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 226,060 ක් පැමිණ තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජුනි පළමු දින 18දී සංචාරකයෝ 74,570 ක් ඇවිත්