සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ.
මෙරට කෘෂි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර් 2019 වසරේ දී ජෝන් ඩියර් ට්‍රැක්ටර් මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේය. ඇමරිකාවේ විශාලතම සමාගමක් වන ජෝන් ඩියර් ට්‍රැක්ටර් ලොව ඉහළම තාක්ෂණයෙන් හා ප්‍රමිතියෙන් යුතු මාදිලියක් ලෙස ලෝකය පුරා ප්‍රචලිත සන්නාමයකි. මෙරට කෘෂි ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්නට ජෝන් ඩියර් හඳුන්වා දීම හේතු වූ බව නිසැකය. උසස් තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා කල්පැවැත්ම, කාර්යක්ෂමතාව, රළු බිම්වල පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව ඇතුළු වාසි රැසක් මෙරට පාරිභෝගිකයන්ට ජෝන් ඩියර් සමඟ අත්විඳීමට අවස්ථාව හිමි විය.
සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය පැරණිතම ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය දිනක දඹුල්ල සන්නස හෝටලයේදී පැවැත්විණි. මෙහිදී තෝරාගන්නා ලද පැරණිතම පාරිභෝගිකයන් 30 දෙනා සඳහා වූ මෙම හමුවේදී සිංගර් රූපවාහිනී යන්ත්‍ර ලබා දීම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන් අතින් සිදු කෙරිණ. මෙයට අමතරව සෑම පාරිභෝගිකයකු සඳහාම මිලදී ගන්නා නව ජෝන් ඩියර් ට්‍රැක්ටරයක් සඳහා රු. 250,000ක වට්ටමක්ද හිමි විය. ට්‍රැක්ටර් පාරිභෝගිකයන්ට මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් පැවතියේ ලංකාවේ ප්‍රථම වතාවටය.
2019 වසරේ සිට සිංගර් ශ්‍රි ලංකා සමාගම ලංකාවේ ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා එකම අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරයි. John Deere 5047D, 5045D yd 5050D මාදිලි ට්‍රැක්ටර් වෙළෙඳපොළේ වර්තමානයේ පෙරළිකාර වෙනසක් සිදුකර ඇතිබව එහිදී පැමිණි පාරිභෝගිකයන් හා අලෙවි නියෝජිතවරුන් අදහස් දක්වමින් පැවසීය.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා අදහස් දක්වමින්, “සිංගර් සමාගම සහ ජෝන් ඩියර් විශ්වාස කරමින් අප සමගින් දිගු කාලයක් රැඳී සිටීම ගැන අප අපේ පාරිභෝගිකයක් වෙත ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ ඉහළම තාක්ෂණය සමගින් ඉදිරියටත් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ උපාංග ඔබට ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කැපවී සිටිනවා.” යනුවෙන් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර