IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනශක්ති ෆිනෑන්ස් 44 වසරක ප්‍රගතිය සමරයි

දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිළිණ කළ, ජනශක්ති සමූහයට  (JXG)  අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වැනි සංවත්සරය සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI)  විශිෂ්ටයකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයන්ගේ සහ ජනතාවගේ වෙනස් වන අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන ලදී.

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. “අපගේ 44 වැනි සංවත්සරය සැමරීම, ජනශක්ති ෆිනෑන්ස් හි අප සැමට ඉමහත් ආඩම්බරයක්. මෙම දශක හතර පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ සියලු‍ වෙනස්කම් අපි අත්දැක්කා සහ ඒ අනුව වෙනස් වුණු සියලු‍ පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සපුරාලන්න අපි කටයුතු කළා. මෙම සන්ධිස්ථානය වසර කීයක් ගතවී ඇත්ද යන්න පමණක් නොව, වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට උපකාර කිරීමට, නව අදහස් ගෙන ඒමට සහ වගකිවයුතු ආකාරයකින් වර්ධනය වීමට අප කෙතරම් දැඩි ලෙස කැපවී සිටිනවාද යන්න පෙන්නුම් කරයි. පුරෝගාමීන් විසින් ගොඩනැඟූ ශක්තිමත් පදනම සහ ජනශක්ති සමූහයේ (JXG)  අඛණ්ඩ සහයෝගයෙන් අප ආරම්භයේ සිට අද දක්වා සම්ප්‍රදාය නවීනත්වය සමඟ මුසු කරන ඉදිරි දැක්මක් සහිත ආයතනයක් බවට සාර්ථකව පරිවර්තනය වී ඇත. අපගේ ගමන අප සමූහයේ මූලික වටිනාකම් මගින් හැඩගස්වා ඇති අතර, එම වටිනාකම් අප කරන සෑම කාර්යක් තුළම ගැබ්ව පවතී.”‍ 

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මහතා මෙසේ පැවසීය. ‘අපගේ 44 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, සේවාව, ශක්තිය සහ විශ්වාසය මත ගොඩනැගුණු අපගේ ගමන්මග අපිට ආඩම්බරයෙන් මෙනෙහි කරන්න පුළුවනි. ජනශක්ති සමූහයට (JXG)  සම්බන්ධ වූ දා සිට අලු‍ත් ප්‍රතිරූපයකින් වඩාත් නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සමාගමක් ලෙස වර්ධනය වීමට අපි පියවර ගෙන ඇත්තෙමු. මෙය අපි කොතරම් දුර පැමිණ ඇත්ද යන්න පෙන්නුම් කරනවා පමණක් නොව, නව අදහස් භාවිත කරමින් වැඩි පිරිසකට මූල්‍ය සේවා ලබා දීම තුළින් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම යන අපගේ අරමුණ නැවත තහවුරු කරයි. අපගේ ගමනට අඛණ්ඩව සහයෝගය සහ විශ්වාසය ලබා දුන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, සේවකයන්ට සහ පාර්ශ්වකරුවන්ට සමස්ත නායකත්ව කණ්ඩායම වෙනුවෙන් මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමි.”‍



අදහස් (0)

ජනශක්ති ෆිනෑන්ස් 44 වසරක ප්‍රගතිය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site