IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනශක්ති ෆිනෑන්ස් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව ගමනක් අරඹයි

 

  • Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC ලෙස පරිවර්තනය වේ

ජනශක්ති සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධ සමාගමක් වන  Orient Finance PLC  සමාගමේ නාමය Janashakthi Finance PLC  බවට පත්වී තිබේ. මෙම පරිවර්තනයෙන් සමාගමේ වෙළෙඳපොළ අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම එහි අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම වඩාත් පහසු වනු ඇත. 

මෙහිදී සමාගම අවධාරණය කළේ මෙම පරිවර්තනය හුදෙක් ආයතනික නාමය වෙනස් වීමක් පමණක් නොව, මෙමගින් වැඩි ශක්තියක්, ස්ථාවරත්වයක් හා සම්පත් ප්‍රමාණයක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට තමන්ට හැකියාව ලැබෙන බවයි. එමෙන්ම මෙම වෙනසෙන් ගනුදෙනුකරුවන් කෙරෙහි තමන් තුළ ඇති දයාව තවදුරටත් වර්ධනය වී ඇති බවත්, එමගින් විශේෂයෙන්ම මූල්‍යමය අභියෝග හමුවේ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා තමන් දක්වන උනන්දුව හා කැප වීම තවදුරටත් ශක්තිමත් වන බවත් ඔවුහු අවධාරණය කළහ. 

ලංකාව තුළ මැනැවින් ස්ථාපිත සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහය) හි කොටසක් බවට පත්වීමෙන් Janashakthi Finance PLC  සමාගම වඩාත් පුළුල් හා ශක්තිමත් සමාගමක් බවට පත් වේ. එමෙන්ම එමගින් පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ මූල්‍ය අන්තර්කරණය යන පොදු වටිනාකම් කෙරෙහි විශ්වාසය තබන ස්ථාවර සහ ඉදිරිගාමී සමූහ ව්‍යාපාරයක පිටුබලය Janashakthi Finance PLC  වෙත හිමි වනු ඇත. 

මෙම ක්‍රමෝපායික පරිවර්තනය, දයාන්විත පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් Orient Finance  සතු වසර 43 ක උරුමය සමගින් ජනශක්ති සන්නාමයේ විශ්වාසය සහ වෙෙළඳපොළ පරාසය එක්තැන් කරන පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. Janashakthi Finance PLC  ලෙස නම් කිරීමෙන් පසු, ආයෝජන, රක්ෂණ සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විවිධාංගීකරණය වූ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරයේ), කොටසක් ලෙස සමාගමේ ස්ථාවරය ශක්තිමත් කරයි. 

Janashakthi Finance PLC  යනු දීර්ඝ කාලයක පටන් සිය ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, ඔවුන්ට විශ්වාසය තැබිය හැකි මූල්‍ය සහකරුවකු බවට පත් වීම සඳහා කැප වී කටයුතු කළ සමාගමකි. ජනශක්ති නාමය සමග ඒකාබද්ධ වීම මගින් ලැබෙන අමතර පිළිගැනීම සහ ජනප්‍රියත්වයද සමගින් එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට සමාගමට හැකි වනු ඇත. 

ආයතනික යහපාලනය සහ ක්‍රමෝපායික නායකත්වය ඔස්සේ සමාගමේ ඉදිරි ගමනට මගපෙන්වීම සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂ මණ්ඩලයක් සූදානමින් සිටී. එම අධ්‍යක්ෂ මණ්ඩලයට සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ රාජේන්ද්‍ර ත්‍යාගරාජා, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, කේ. එම්. එම්. ජබීර්, විධායක නොවන අධ්‍යක්ෂ ප්‍රකාශ් ඒ. ශාෆ්ටර්, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ/ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ශ්‍රියාන් කුරේ, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ දර්ශන රත්නායක, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ නලින් කරුණාරත්න, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා මනෝහාරී අබේසේකර, ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂිකා සඳමාලි චන්ද්‍රසේකර සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ඩැනියෙල් ඇල්ෆොන්සස් යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.



අදහස් (0)

ජනශක්ති ෆිනෑන්ස් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව ගමනක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17742 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site