IMG-LOGO

ජාතික ණය සුරැකුම් ආයතනය සති තුනකදී රුපියල් මිලියන 400ක ණය නිකුත් කරයි

වසර තුළ ඇපකර 1800ක් හරහා රුපියල් බිලියන 5ක ණය ලබාදීම අරමුණයි


භානුක අමරසිංහ


මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කර ගත වූ සති තුනක පමණ කාලය තුළදී පමණක් ඇපකර නිකුතු 103ක් යටතේ රුපියල් මිලියන 400කට අධික ණය ලබා දීමක් සිදු කර ඇතැයි එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය හා බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කර තිබේ. මැයි මුල් සතියේදී එහි මෙහෙයුම ඇරඹුණි. මේ අතරින් බැංකු 09ක් මගින් මැයි 20 වැනිදා දක්වා මෙම ණය මුදල් ප්‍රමාණය මේ දක්වා නිකුත් කර තිබෙන බව ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මේ වසර තුළ නිකුත් කරන ඇපකර 1800ක් හරහා රුපියල් බිලියන 5ක පමණ ණය මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ලබාදීම ජාතික ණය සුරැකුම් ආයතනයේ අපේක්ෂාව බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රාග්ධන වියදම් හා ස්ථීර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් හරහා රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25ක් දක්වා ණය මුදල් අනුමත කෙරෙන බව සඳහන් වෙයි.



අදහස් (0)

ජාතික ණය සුරැකුම් ආයතනය සති තුනකදී රුපියල් මිලියන 400ක ණය නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site