IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙට්වින්ග් වෙතින් තවත් බුටික් හෝටල් ව්‍යාපෘති දෙකක්

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම හෝටල් සන්නාමයක් වන ජෙට්වින්ග් හොටෙල්ස් සමාගම ඉදිරියේදී කොළඹ සහ මීගමුව ආශ්‍රිතව නවතම බුටික් හෝටල් දෙකක් විවෘත කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. එම හෝටල් දෙකම ඉපැරණි ගෘහනිර්මාණාත්මක වටිනාකමින් යුත් දේපළ අලු‍ත්වැඩියා කර ආරම්භ කිරීම මෙහි ඇති විශේෂත්වයයි. 
එම සමාගම දැනට මාස කිහිපයකට පෙරාතුව රඹුක්කනදී විවෘත කළ එවැනිම ආකාරයේ “ජෙට්වින්ග් වාහව වලව්ව“ බුටික් හෝටලයෙන් අනතුරුව, මෙම ව්‍යාපෘති වෙත පිවිස තිබෙන බව ජෙට්වින්ග් හෝටලේස්හි අලෙවිකරණ සහ සංවර්ධන අධ්‍යක්ෂ හෂාන් කුරේ මහතා විදෙස් වෙබ් අඩවියක් වෙත පවසා තිබේ.
මෙහිදී කොළඹ නගරයේ පිහිටි රත්න සිවරත්නම් පවුලට අයත් නිවසක් මිලදී ගෙන, අලු‍ත්වැඩියා කර බුටික් හෝටලයක් බවට පත් කෙරෙමින් තිබෙන බව ඔහු අනාවරණය කර තිබේ. මෙය සුප්‍රකට ගෘහනිර්මාණශිල්පී ජෙෆ්රි බාවාගේ අතින් නිමවුණු, ගෘහනිර්මාණාත්මක අතින් අලංකාරවත් නිවසක් ලෙස සැලකෙයි. මෙම හෝටලය “ජෙට්වින්ග් රත්නම් රෙසිඩන්ස්“ නමින් එළිදැක්වීමට නියමිතව ඇත. 
“ව්‍යාපාරික ගනුදෙනුවලට සහ වඩාත් නිස්කලංක නිවාඩුවකට කොළඹට පැමිණෙන සහ දිගුකාලයක් කොළඹ නවාතැන් ගැනීමට බලාපොරොත්තු වන සංචාරකයන් සඳහා මෙම බුටික් හෝටලය වෙනස්ම අත්දැකීමක් වේවි.“ හෂාන් කුරේ මහතා පවසයි.
එසේම ජෙට්වින්ග් සමාගම දැනටමත් මීගමුවේ පිහිටි තවත් පෞරාණික වැදගත්කමින් යුත් නිවසක් මිලදී ගෙන ඇති අතර, එයද ඉදිරියේදී එහි සැබෑ දේශීය ගෘහනිර්මාණාත්මක ලක්ෂණවල ශ්‍රීවිභූතිය පිළිබිඹු වන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා මෙහිදී අනාවරණය කර තිබේ.
“ශ්‍රී ලංකාවේ මීගමුව හරියට තායිලන්තයේ අතීත ෆුකෙට් නගරය වගේ. එහි වෙරළ තීරයේ පිහිටා තිබෙන ඉපැරණි වටිනාකමක් ගත් ඉදිකිරීම් මගින් වෙරළ ගමනාන්තයකට වඩා එහා ගිය ගමනාන්තයක් බවට එය පත් කිරීමේ අවස්ථාවක් උදා කර දී තිබෙනවා.“ යනුවෙන් ඔහු පවසයි.
මේ අතර ජෙට්වින්ග් සමාගම “ජෙට්වින්ග් වාහව වලව්ව“ නමින් දැනට මාස කිහිපයකට පෙරාතුව විවෘත කළ බුටික් හෝටලයත්, රඹුක්කන පිහිටි 1870 දශකයේදී පමණ ඉදිකළ ඉපැරණි වලව්වකි. එහි පවතින ගෘහනිර්මාණාත්මක අලංකාරය ආරක්ෂා කරගනිමින් නවීනතම පහසුකම් සහිතව එය අලු‍ත්වැඩියා කිරීමට ජෙට්වින්ග් සමාගම පියවර ගෙන ඇත. එහි කාමර සංඛ්‍යාව 6 කි.
“සාම්ප්‍රදායික තැන්වලින් ඔබ්බට ගිය නව ගමනාන්ත නිර්මාණය කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම වඩාත් පෞද්ගලික සේවා සහ වඩාත් සංවිධානාත්මක අත්දැකීමක් ලබා දෙන බුටික් ආගන්තුක සත්කාරය තුළ විශේෂඥයකු වන්නත් අපට අවශ්‍යයි.“ යනුවෙන්ද හෂාන් කුරේ මහතා පවසා තිබේ.
“සංචාරකයන්ගේ සාම්ප්‍රදායික අදහස් වෙනස් කරලා, ඔවුන් ශ්‍රී ලංකාව තුළ මන්දගාමී සංචාරයක යෙදෙන ආකාරයට ප්‍රවර්ධනය කිරීම අපිට අවශයයි.“ ඔහු පවසයි.
අද වන විට ජෙට්වින්ග් හොටේල්ස් සමාගම මෙරට තුළ හෝටල් පරිශ්‍ර 38ක මෙහෙයුම් පවත්වාගෙන යයි. ඒවායේ ඇති සමස්ත කාමර සංඛ්‍යාව 1300ක් වන අතර, ඒවා කාමර දෙකක විලා මාදිලියේ හෝටල්වල සිට කාමර 112ක හෝටල් දක්වා විහිදී පවතී. ඒ අනුව ජෙට් වින්ග් හෝටල් අතර එක් රැයකට ඩොලර් 20 සිට ඩොලර් 600ක් දක්වා වන හෝටල් පරාසයක් පවතින බවත් හෂාන් කුරේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

ජෙට්වින්ග් වෙතින් තවත් බුටික් හෝටල් ව්‍යාපෘති දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site