ඉඩමේ අයිතිය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට
මුළු භූමි ප්‍රමාණය අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 ක්
දෙන්නේ 99 අවුරුදු බදු පදනමට
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට යොදාගන්න පුළුවන්
නිමල කොඩිතුවක්කු
කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාර්මස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2022-2031 කාල පරිච්ඡේදයට අදාළව පිළියෙළ කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ.
නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 අගෝස්තු මස 30
464
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16954
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
671
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
චාර්මස් ධාන්‍යාගාර ඉඩම ආයෝජකයන්ට