IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


චීන-ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් කාර්යයක් කළ හැකියි

විමුක්ති එස් රුද්‍රිගු

චීන සමාගම් සමග ආයෝජන සහ වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට මෙරට පෞද්ගලික සමාගම් සැමවිටම සුදානමින් සිටින බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පසුගියදා නැවත වරක් අවධාරණය කළේය. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේදී ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් කාර්ය භාර්යයක් ඉටුකළ හැකි බවද ඔහු පැවැසුවේය.

චීනයේ සිට පැමිණි සමාගම් 77 ක් පමණ නියෝජනය කරන 100 කට අධික ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් පිළිගනිමින් පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා - චීන වෙළෙඳ හා ආයෝජන සමුළුවේදී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙම අදහස් පළ කළේය. යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, රෙදිපිළි, ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන, පෞද්ගලික ව්‍යවසාය වැනි චීනයේ ප්‍රධාන අංශ නියෝජනය කරමින් ව්‍යවසායකයෝ සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා - චීන වෙළෙඳ හා ආයෝජන සමුළුව දෙරට අතර ඇති ආර්ථික සබඳතාවල නව පරිච්ඡේදයක් විවෘත කරනු ඇතැයි තමන් බලාපරොත්තු වන බවද ඔහු පැවැසුවේය. සමුළුව හේතුවෙන් දෙරටටම ප්‍රයෝජනවත් වන අර්ථවත් ආයෝජන සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව බාලේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

චීනයේ ප්‍රධාන අංශ නියෝජනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් වෙළෙඳ හා ආයෝජන සමුළුවට සහභාගී වීමෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ශක්තිමත් මෙන්ම ඔරොත්තු දෙන හවුල්කාරීත්වය පිළිබිඹු වන බවත් ශ්‍රී ලංකාවට අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී වාසියක් අත්විඳිය හැකි තේ, කුළුබඩු, මුහුදු ආහාර සහ නිවර්තන පලතුරු වැනි ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි චීනයේ වැඩිවන උනන්දුව හේතුවෙන් මෙරට සමාගම් දිරිමත් වී ඇති බවත් ඔහු පැවැසුවේය.

කෘෂිකාර්මික භාණ්ඩ, සැකසූ ආහාර, යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ යන අංශවලින් මෙරටට සිදුකරන චීන ආනයන ඉහළ ගොස් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

භාණ්ඩ හා සේවාවලින් ඔබ්බට යමින් පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය විසඳුම්, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය සහ පරිසර තාක්ෂණය වැනි නැගී එන කර්මාන්තවල සහයෝගීත්වය ගොඩ නගා ගතහැකි අවස්ථා බාලේන්ද්‍ර මහතා එහිදී පෙන්වා දුන්නේය. මෝටර් රථ, වැවිලි සහ අගය එකතු කළ කර්මාන්ත කෙරෙහි චීන සමාගම් දක්වන උනන්දුව වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා උපායමාර්ගික දිගුකාලීන වර්ධන ක්ෂේත්‍ර ලෙස මෙම ක්ෂේත්‍ර හැඳින්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

චීන-ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් කාර්යයක් කළ හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 56 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site