චිත්‍රා බොතේජු පදනම පස් වැනි වතාවටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කාන්තාවනට නොමිලයේ ඇස් කණ්නාඩි පිරි නැමීය.
චිත්‍රා බොතේජු පදනම පස් වැනි වතාවටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කාන්තාවනට නොමිලයේ ඇස් කණ්නාඩි පිරි නැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද, කොළඹ ගෝතමී බාලිකාවෙන් ද්විතීය අධ්‍යාපනය ද, දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද ලබමින් චිත්‍රා කුලතුංග ශිෂ්‍යාව, පාසල් ශිෂ්‍ය නායිකාවක් ලෙසද ප්‍රචලිත වූවාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරිවරිය වශයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේද, ශ්‍රී ලංකාවේ ප්‍රථම නඩත්තු ඉංජිනේරුවරිය වශයෙන් මහජන බැංකුවේ ද ඇය කටයුතු කළාය. දැනට ඕෂනිකා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක හා විධායක ඉංජිනේරුවරිය වන අතර 2008 නවලිය වෙන්ඩෝල් සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්‌වරක් පමණක් හිමිවන සඳමඬල සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේ සෑම අතින්ම සිත්ගත් කාන්තාව වූ නිසාය. මැලේසියාවේ අනුබද්ධිත ආයතනයක් වූ සිaරි ජයන්ති මහා කරුණා යොවුන් මධ්‍යස්‌ථාන (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂවරිය හා විදුලි ඉංජිනේරුවරිය වශයෙන් කටයුතු කරන්නීද ඇයයි. ඇය ලන්ඩන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනයේ විදුලි ඉංජිනේරු උපාධිධාරිනියක් වන අතර, ඉන්ස්‌ටිටියුෂන් ඔෆ් ඉන්කෝපරේටඩ් ඉංජිනියර්ස් ආයතනයේ ෆෙලෝ සාමාජිකත්වය සහ බ්‍රිතාන්‍යයේ ඉන්ස්‌ටිටියුෂන් ඔෆ් මැනේඡ්මන්ට් ආයතනයේ ෆෙලෝ සාමාජිකත්වය ලබා ඇත. තව ද රජයේ අනුමත පුණ්‍යායතනයක් වන චිත්‍රා බොතේජු පදනමේ උප සභාපතිනිය වශයෙන් කටයුතු කරමින් සමාජ සේවයේ නියෑලී සිටින අතර නවලිය වෙන්ඩෝල් සම්මාන උළෙලේදී සෑම අතින්ම සිත්ගත් කාන්තාව ලෙස ජවතාවගේ ඡන්දය ලැබීමේ හේතුව ඇයගේ සමාජ සේවා කටයුතු නිසාවෙන්ම බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඇයට දේවි බාලිකා 2003 වර්ෂයේ 50 වෙනි ස්‌වර්ණ ජයන්ති උළෙලේදී ඉහළ කුසලතා සම්මානයද, 2001 වසරේ මධ්‍යම පළාත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත ව්‍යාපාරික සම්මානයක්‌ද, 2007 වසරේ ෆෙඩරේෂන් ඔෆ් චෙම්බර් ඔෆ් කොමර්ස් ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස් ආයතනයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ව්‍යාපාරික සම්මානයක් ද ලැබී ඇති අතර, සැබැවින්ම ඇය අපේ කාලයේ තවත් එක් දිරිය කාන්තාවක් ලෙසට පෙන්වා දිය හැක. සැබැවින්ම ඇය කඩිසරය. කාල කළමනාකරණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නා ඇය, තමාගේ සියලුම කටයුතු නිසියාකාරව කර ගැනීමේ අවස්‌ථාව උපරිමයෙන් උදාකරගෙන ඇත. සමාජ සේවයේ යෙදීමෙන් ජීවිතයේ සතුට බලාපොරොත්තු වන චිත්‍රා බොතේජු මහත්මිය මේතාක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වය තම හමුවට පැමිණි අභියෝග ජය ගැනීම බව පැවසුවේ නිහතමානීවය. දයාබර බිරිඳක, ආදරණීය මවක මෙන්ම සෙනෙහෙබර මිත්තණියක වන චිත්‍රා බොතේජු මහත්මිය තමාගේ ගමන් මගේ ජයග්‍රහණයට තම සැමියා විශාල නුගරුකක් ලෙසින් සෙවන ලබා දෙන බව පැවසීමටද අමතක නොකළාය. තම ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව පසිඳු සහ තෙමිදු යන තම මුණුබුරන් දෙදෙනා රටට, සමාජයට වැඩදායී පුද්ගලයන් දෙදෙනෙකු දායාද කිරීම බව ද ඇය පැවසුවාය. සෑම අතින්ම සිත්ගත් කාන්තාව ලෙසින්ද, සිත්ගත් සමාජ සේවිකාව ලෙසින් ද පාඨක සම්මානයට පාත්‍ර වූ චිත්‍රා බොතේජු මහත්මියට අපි සුබ පතමු. (නු)
කවුද ඒ චිත්‍රා බොතේජු කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබට පින් (දී)
පින් සිද්ධ වෙනවා (දී)
මේකට දේශපාලන සම්බන්ධයක් නැහැ නේද? (නි)
ඔබතුමන්ට පින් සිදු (දී)
ජාති ජාතිත් පලදෙන කර්මයක්(දී)
අපි සුභ පතනවා මේ සංවිධානයට (දී)
පින් සිද්ද වෙනවා (දී)
බොහොම පින් (දී)
අපි කැමති මේ වැඩ වලට (දී)
අපි අගය කල යුතුයි (දී)