( තිලකරත්න දිසානායක.)
කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විට කෘෂි උපකරණ රක්ෂණ ක්‍රමය යටතේ තෙවන පාර්ශ්‍රවයේ මෝටර් රථ රක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත.
මේ අනුව ගොවි මහතුන් සතු කෘෂි උපකරණ ' අත් ටැක්ටර් ' රෝද හතරේ ටැක්ටර් ' ත්‍රිරෝද රථ ' යතුරු පැදි ' කාර් සහ කුඩා ලොරි රථ ආදියද තෙවන පාර්ශ්‍රව යටතේ රක්ෂණය කළ හැකිව ඇති බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ගොවි රක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධාන අරමුණු අතර ගොවි මහතුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම ' වගා පාලු වලදී වගා රක්ෂණ ලබාදීම ' පශු සම්පත් හානියකදී වන්දි ගෙවීම සහ ගොවි මහතුන්ට සිදුවන ආපදාවන්හිදී රෝහල් ගාස්තු ලබාදීම මුත් මීට අමතරව කෘෂි උපකරණ සහ රථ වාහන රක්ෂණය අරඹා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා කීය.
මෙම රක්ෂණ ක්‍රමය යටතේ අඩු මුදලකට ගොවි මහතුන්ට මෙන්ම සාමාන්‍ය වාහන හිමියන්ටද වාහන රක්ෂණය කර ගැනීමේ අවස්ථාව ලබාදීම සිදු කෙරෙන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වාහන රක්ෂණයක්
arunalu Tuesday, 26 September 2017 08:39 AM
මේ වගේ දේවල් පුද්ගලික සමාගම් වලටම කරන්න දීල මණ්ඩලය පැත්තකට වෙලා ඉන්නවනම් තමයි හොඳ.... නැත්නම් ටික දවසකට පස්සේ කට්ටිය මාටියා එහෙම ගහල ලොකු පාඩුවක් රජයටත් කරලා පාඩුයි කියල වහල දැයි අපි නොදන්න රක්ශනේ....
arunalu Tuesday, 26 September 2017 08:39 AM
මේ වගේ දේවල් පුද්ගලික සමාගම් වලටම කරන්න දීල මණ්ඩලය පැත්තකට වෙලා ඉන්නවනම් තමයි හොඳ. නැත්නම් ටික දවසකට පස්සේ කට්ටිය මාටියා එහෙම ගහල ලොකු පාඩුවක් රජයටත් කරලා පාඩුයි කියල වහල දායි අපි නොදන්න රක්ෂණය....
ටී.එම්.ජී.බණ්ඩාර Wednesday, 19 January 2022 10:12 AM
මා හට අත් ට්‍රැක්ටර්යක් ගෙවන්න මිළදී ගන්නේ කෙසේද.?