ශ්රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මගින් මෙය සිසු කෙරිණි.
ජාතික ගුවන් සමාගමේ කළමනාකරුවන් අතරින් තම රැකියාවන් හි වගකීම් ගණනාවක් දැරීමේ හැකියාවන් සහ උසස් කළමනාකරණ තනතුරු හොබවන පිරිසක් මෙම වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී.
මේ සඳහා සම්පත් දායකකරුවන් ලෙස ආචාර්ය ට්‍රැවිස් පෙරේරා මහතා, ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා සහ මහාචාර්ය උදිත ලියනගේ යන මහත්වරු විසින් තෝරාගත් කළමනාකරුවන් 30 ක් සදහා සැසිවාර පවත්වන ලදී.
මේ අනුව තීරණ ගැනීම ,ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන්,නායකත්ව කළමනාකරණය,උපාය මාර්ගික කළමනාකරණය ,තරඟකාරි වාසි සැලසුම්කරණය සහ සම්පාදනය,නායකත්ව ව්‍යුහය ,නායකත්ව අභියෝග ,භාව බුද්ධිය සහ යටත් සේවක වර්ධනය යනාදි විෂයන් රැසක් පිළිබඳව මෙහිදී දේශන පැවැත්විනි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය උදිත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ “සෑම කළමණාකරුවෙක්ම පුද්ගල කළමනාකරුවන් වන අතර මොවුන් විසින් පුද්ගලයන් සහ ඔවුන්ගේ කාර්යයන් කළමනාකරණය කළයුතු වේ.ඇතැම් කළමනාකරුවන් නායකයන් මෙන් කටයුතු කරන්නේ ඔවුන් පුද්ගල කළමනාකරණය සහ නායකත්වය දැරීම තුළින් පුද්ගලයන්ට අනුබල කිරීමේ හැකියා වර්ධනය කර ඇති හෙයිනි. නායකත්වයේ මූලික සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන්ට මෙම කරුණු ප්‍රායෝගිකව යොදා ගන්නා අකාරය පිළිබඳව දැනුවත් කිරීමට ලැබීම වෙනුවෙන් කළමනාකරණ පස්චාත් උපාධි ආයතනය ඉතා සතුටට පත්වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප් කැකුළාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරතුරුවම එහි මානව සම්පත් පිළිබඳව ආඩම්බරයට පත්වන අතර ඔවුන්ගේ දක්ෂතා වැඩිදුයුණු කිරීම තුළින් සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බව පිළිගනී.මෙම වැඩසටහන තුළින් පවතින දැනුම සහ සහභාගීවන්නන් සඳහා තෝරාගත් විෂයන් හි සිද්ධාන්ත පිළිබඳ චින්තනය සන්නිවේදනය කිරිම තුළින් ප්‍රායෝගිකව යොදා ගැනීමට හැකිවනු ඇත.”
ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ගෝලීය වශයෙන් බහුවිධ කාර්ය මණ්ඩලයක් පවතින අතර ශක්‍යතා සංවර්ධනය සහ නායකත්ව කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ඵලදායිතාව වර්ධනය කිරීමටත් ඉලක්ක සහ අරමුණු ළඟා කර ගැනීමටත් හැකිවනු ඇත.මෙම වැඩසටහන මූලික වශයෙන්ගුවන් සමාගමේ ඉදිරි වර්ධනය සදහා වැදගත් වනනවීන කළමනාකරණ හැකියාවන් හා කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වීය.
මෙම වැඩසටහන ව්‍යාපාර නොකඩවා පවත්වා ගැනීම ඉලක්ක කරගනිමින් ව්‍යුහගත සහ අනාගත කුසලතා මෙන්ම නායකත්ව සංවර්ධන වැඩසටහනක් ලෙස පැවැත්විනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් සේවිකාවක් වීම ආඩම්බරයට කරුණක් නෙමෙයි කියලා මේ අයට තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ අපේ සල්ලි (නදී)
ඔය සමාගමේ බලදාරියාටත් මොකක් හරි පුහුනුවක් ලබාදෙන්න. (නදී)
ඔය ඉදිරි පෙළ දකුණු පැත්තේ 3 වෙනියට ඉන්න කෙනාගේ බර අඩු කරගන්න පුහුණුවක් දෙන්න. (නදී)
සංවිධායක මණ්ඩලය තව සල්ලි ටිකක් ගරා ගන්න ක්‍රමයක් කොහොම හරි හොයා ගත්ත (අ)
සමහර ගුවන් සේවිකාවන්ගේ සහ ගුවන් තොටුපොළ සේවක / සේවිකාවන්ගේ උද්දච්චකම නැති කළහැකි පුහුණුවක් දෙන්න පුලුවන් නම් ඉතා අගයකොට සළකමි. (නි)
මම නිතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් කරන කෙනෙක්. කළමනාකරුවන් කෙසේ වෙතත් ගුවන් සේවක සේවිකාවන්ගේ සේවයනම් අන්තිම පහල මට්ටමක තියෙන්නේ. ගුවන් සේවිකාවක් වීම ආඩම්බරයට කරුණක් නෙවේ කියල මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ පුහුනුවම ඔවුන්ටත් දුන්නනම් හොදා.(නදී)
කොස්වත්ත හරි. ඒක නම් සහතික ඇත්ත (නි)
නිරන් සෞදි : බලධාරියා නම් ඉතා හොඳයිග එත් ප්‍රශ්නේ එම බලධාරියට බොරු සහ කේලම් කියා එතුමාගේ සැලසුමට බාධා කරන සමහර කාර්ය මණ්ඩල පිරිස්. (ස)
මම දන්නා ගොඩක් අය ඉන්නවා ශ්‍රී ලන්කන් තෝරාගන්නේ නැති. මේවා ඉතින් කළමනාකරණයේ දුර්වලතා. කවුරු කවුරුත් මේවට වගකියන්න ඕනෑ (නි)
ඔය ගුවන් සේවය ගැන, මීට කලිනුත් ලංකාදීපයේ අපි බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළානේ....නිලධාරීන් ඒ අදහස් ටික කියෙව්වද දන්නේ නැහැ නේද...? ඒ ටික කියෙව්වා නම්, ඕකේ ඉන්න බොහෝ දෙනෙක්ගේ දැනුම, ඉබේම වර්ධනය වෙනවා. (නි)
ඔය කියන උදච්චකම තියෙන්නේ, ශ්‍රී ලාංකික ගුවන්සේවිකාවන්ටයි. විදේශීය ගුවන්සේවිකාවන් ගුවන් යානාවේදීත් ගුවන් තොටුපළේදීත් කාටත් එක සේ හරිම නිහතමානීයි (නි)
ඔය කියන උදච්ච කම තියෙන්නේ, ශ්‍රී ලාංකික ගුවන්සේවිකවන්ගේ ශ්‍රී ලාංකිකයින්ටයි.( එත් සමහරක් අය හරි හොඳයි ) විදේශීය ගුවන්සේවිකාවන් ගුවන් යනාවේදීත් ගුවන් තොටුපලේදීත් කටත් එකසේ හරිම නිහතමානීයි (අ)
කස්ටමර් සර්විස් පාසැල් කාලයේ විෂයක් හැටියට උගන්වන්නේ නැති එකේ පාඩුව තමයි මේ. ලංකාවේ කොතැනකට වැඩක් කරගන්න ගියත් තියෙන පොදු ප්‍රශ්නයක් මේක. (නදී)
'මහජන සේවාව' පාසල් කාලයේ විෂයක් හැටියට උගන්වන්නේ නැති එකේ පාඩුව තමයි මේ. ලංකාවේ කොතැනකට වැඩක් කරගන්න ගියත් තියෙන පොදු ප්‍රශ්නයක් මේක. (නි)
හේෂාන්,ඔය උද්දච්ච උදවිය, පුස් පැටව් වගේ වෙනවා අපි ළඟ විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවා දැක්කොත්. අත්දැකීමෙන් කියන්නේ. (අ)
ගුවන් සේවිකාවන්ට නිහතමානීකම ගැන අවබෝධයක් ලබාදිය යුතුයි (නි)
සරත්,එයාලගේ ඔය උද්දච්ච කම පෙන්වන්නේ ලාංකික ගුවන් මගීන්ට පමණයි.(අ)
පාඩු නැති කරගන්න විදිහක් ගැනත් හිතමු මහත්තයෝ. (නි)
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය තුල ලොව කිසිම පිළිගත් කිසිම සම්පත් දායකකරුවන් නැත. විහුලු කරුවන් ඇත (අ)
ඒක නම් හොඳයි ඉතින්... (නි)
අගය කළයුතු දෙයක් (නි)
හොඳ වැඩක් (නි)
ශ්රී ලන්කන් ගුවන් සේවයේ ලාංඡනයට සුදුසු මොණරෙකුගේ නොව මකරෙකුගේ හෝ වෙනත් සතෙකුගේ රූපයක් යැයි මට හැඟේ. ගුවන් සේවිකාවන්ගේ නිහතමානී නොවන ගතිගුණ නිසා ශ්‍රී ලාංකිකයන් වෙනත් ගුවන් සේවා තෝරාගැනීමත් මෙහි පාඩුවට බලපෑවද මෙයට ප්‍රධාන හේතුව දුර්වල කළමනාකරණය බව මගේ අදහසයි. (නි)
මගේ සහෝදරියක් මගෙන් ඇහුවා ගුවන් සේවිකාවකට යන්නද කියලා. මගේ පිළිතුර වුණේ ඒකට යන්න එපා කියන එකයි. (නි)
සරත් ඔයා හරි, ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි එ් ගොල්ලන්ට වේටර් වැඩේ කරනවා අැති කියලා. මට දුක අරාබිකරයේ දුක් විදලා එන අක්කට වතුර උගුරක් ඉල්ලන්න විදියක් නැහැ මොකද ලගට අැවිල්ලා කඩ්ඩ දෙන්නේ ඉංග්‍රීයෙන්. ඉතින් ඒ අක්කල බයට , ලැජ්ජාවට බඩගින්නේ ඉන්නවා. (නදී)
උසස් අද්‍යාපනය හදාරපු නංගිලා කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද ඔය සේවයේ....? පන්දමයි,ඉංග්‍රීසියයි විතරයි...... (ස)