භානුක අමරසිංහ
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.
වසරේ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට නොපැමිණෙන කාලසීමාවේදී සංචාරකයන් ආකර්ෂණය කරගනිමින් වසර පුරාම මෙරට වෙත සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම එහි අරමුණ බව ඒ මහතා අවධාරණය කරයි.
“අපේ රට වෙත සංචාරකයන් අඩුවෙන් පැමිණෙන, නමුත් යම් විභයක් සහිත වෙළෙඳපොළ වෙත පිවිසීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි. ඒ හරහා සෑම මාසයකම සංචාරකයන් 250,000ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් පවතිනවා.” සභාපතිවරයා පැවසීය. මේ අතර, මෙරට ප්‍රධාන නගර සංචාරකයන් සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීම සඳහා City Branding ව්‍යාපෘතිය මැයි මාසයේදී ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව එහි පළමු අවස්ථාව ලෙස කොළඹ නගරයේ මැරීන් ඩ්‍රයිව් ආශ්‍රිතව රාත්‍රී ක්‍රියාකාරකම් සහිත Night Market සංකල්පයක් ආරම්භ කරන බව ඒ මහතා පැවසීය. “මේ වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ අරමුණක් අපේ තිබෙනවා. ඒ වගේම සංචාරකයකු දිනකට වියදම් කරන මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය ඩොලර් 171 ක් පමණ වෙනවා. එය ඩොලර් 200කට විතර වැඩි කරගන්නේ කොහොමද කියන දේ අපි කල්පනා කරනවා.”
මෙම City Branding සංකල්පයත් සමගින් සිදු කරන හඳුන්වාදීම් හරහා සංචාරකයන්ට මෙරට තුළ කළ හැකි කටයුතු වැඩි කරන්න පුළුවන් තත්වයක් ඇති කිරීම අපේක්ෂාව බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක බැංකුව නොබෝදා නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට ජනගහනයෙන් සියයට 24.5 ක් දුප්පත්ය. මෙම පිරිස සමස්තයෙන් හතරෙන් කොටසකි.
nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic Impact Report)) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats
ජෝන්කීල්ස් සමූහයට අයත් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස අරෝෂි නානායක්කාර සහ ක්‍රිස්ටෝපර් ෂනිල් ප්‍රනාන්දු ප
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගමක් වන Alumex PLC විසින් Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම්දාම කළමනාකරණයේ විශි
ආයතනික සහ වෙළෙඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්