
නව වසරක ආරම්භයත් සමග නව ඇඳුමක් මිලදී ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. කලක පටන් බොහෝ පාරිභෝගිකයෝ පිටකොටුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට උත්සහ කළ ද අදවන විට එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, මහරගම, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘත වීමත් සමගය.
ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ මහරගම වෙළෙඳ නගරයේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස් තතු සොයා බැලීමට ගිය ගමනේ දී මහරගම ANJUTEXT වෙළෙඳ ආයතනයේ හිමිකරුවන අංජු මසුරංග මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අවුරුදු සීසන් එක පටන් ගත්තේ මාර්තු දෙවැනි සතිය වගේ ඉඳන්. මේ දවස්වල බිස්නස් හොඳයි වරදක් නැහැ. ගිය වසරට වඩා මේ පාර බිස්නස් හොඳ ම්ටටමක තියෙනවා.
Q බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
මම වසර 35 කාලයක ඉඳන් මහරගම රෙදිපිළි වෙළෙඳාම කරනවා. මගේ වෙළෙඳ ආයතනයේ සේවකයන් පස් හය දෙනෙක් සේවය කරනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තම රෙදිවල මිල ගණන් අඩුවෙලා තියෙන්නේ. එය බිස්නස් වැඩිවීමට හේතුවක් වෙලා තියෙන්නේ.

ඒ වගේම මේ පාර සීසන් එකට විවිධ මාදිලියේ නිමි ඇඳුම් වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. මේ දවස්වල නිමි ඇඳුම් ගන්න පැමිණෙන පාරිභෝගකයන්ට විශේෂ සහන යටතේ මිලදී ගැනීම් කරන්න ඉඩ සලසලා දීලා තිබෙනවා. එයද බිස්නස් වැඩිවෙන්න හේතුවක්. දුර පළාත්වල ඉඳන් එන පාරිභෝගිකයෝ හරිම උනන්දුවකින් ඇවිත් මේ දවස්වල නිමිඇඳුම් අරගෙන යන්නේ. ඒ හැමෝමත් කියන්නේ ගිය පාරට වඩා රෙදිවල මිලෙහි යම් අඩුවීමක් වෙලා තියෙන නිසා ඒ වෙළෙන්දන්ගෙන් භාණ්ඩ ගන්න එන පාරිභෝගිකයෝ වැඩිවීමක් වැඩිවෙලා කියලා. අවුරුදුවලට තවත් දින කිහිපයක් තිබෙන නිසා මේ පවතින තත්වයේ වැඩිවීමක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිය වසරට වඩා මේ පාර බිස්නස් හොඳ මට්ටමක