ආර්ථික තීන්දුවල අවිනිශ්චිතභාවය කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු උනන්දුව සීමා කළේය. ඉසුරුමත් සමාගම්වල ආකර්ෂණය අඩුකර ඇත. මෙරටට ගෙන්වන ලද චීනයේ නිෂ්පාදිත බී.වයි.ඩී. වාහනවල අක්‍රමිකතාවක් ගැන කෙරෙන පරීක්ෂණ ආයෝජන හිතකර තත්වය සීමා කර ඇත. වාහන ආනයනය කළ ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත විශාලතම සමාගමක් වන ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධ අතර, ජොන් කීල්ස් වැඩිම කොටස් ප්‍රමාණයක් විදේශිකයන් සතුය. ඒ අතරින් ද ඉහළම ප්‍රතිශතය කැනඩාවේ රක්ෂණ සමාගමක් මිල දී ගෙන තිබේ. මෙම සමාගම් විශාල ධනයක් ආයොජනය කර තිබෙන ව්‍යාපාරයක් අනවශ්‍ය පරිදි කටයුතු කරන බවක් ඇඟවීම කොටස් හිමියන්ට ගැටලුවක් විය හැකිය.
මහා පරිමාණ විදුලි වාහන නිෂ්පාදනයෙහි නිරත ජාත්‍යන්තර සමාගමක උපාංග ගැන තත්ව පරීක්ෂණ මෙරට දී නැවත කිරීමෙන් පොහොර ආනයනය සම්බන්ධ පරීක්ෂණ හා සමාන තත්වයක් ඇති කෙරේ. කොටස් වෙළෙඳාමට අනුබද්ධ සමාගම් කෙරෙහි තියුණු විවාද ඇතිකිරීම උන්නදුව පහත වැටීමට වැඩි බලපෑමක් විය හැකිය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,566.15 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 33.95 ක දියුණුවීමකි. එස්.ඇන්.ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 5,762.46 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.00 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 5.28 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 34,363 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 180.9 ක් විය. සමාගම් 121 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 125 කි.
ජෝන් කීල්ස් රු. මිලියන 392 ක්, ඒ.සී.එල්. රු. මිලියන 190 ක්, සොෆ්ලොජික් ෆිනෑන්ස් රු. මිලියන 187 ක්, සියෙරා රු. මිලියන 176 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 140 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 125 ක්, ඇලුමීනියම් රු. මිලියන 116 ක්, හේකාබ් රු. මිලියන 106 ක්, සෙලාන් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 101 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
568
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගනුදෙනු සීමා කරන රාමුවක් නිර්මාණය කළ අවිනිශ්චිතාවය