කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිහීමක් වාර්තා කරන අතර කරුණු ගණනාවක් එයට බලපා ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අතිරේක පොලියක් ගෙවන රජයේ තීරණය සමග වාණිජ බැංකු තැන්පත්වලින් ස්ථාවර ආදායමක් අරමුණු කරගෙන ඇතැම් කොටස් සිය ලාබ ඉවත් කරගැනීමට වෑයම් කරන බව පෙනේ. අනෙක් අතට අඩු මිල ගණන්වලට මිල දී ගත් කොටස් විකිණීමට උපරි අවස්ථාවක් ලැබී තිබේ. ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින ගැටුම් මෙරටට බලපාන බවට වූ අනියත බිය තවත් එක සාධකයකි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,818.21 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 253.23 ක පසුබැසීමකි. දින පහක් තුළ ජුනි මාසයේ ආරම්භක සතියේ තිබුණ අගය දක්වා පහත වැටීම විශේෂත්වයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,019.15 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 77.16 පසුබැසීමක් සේ වාර්තා වේ. කෙසේ වෙතත් කාලයකට පසු දෙවැනි දිනයටත් විදේශීය ගනුදෙනු සක්‍රීය වූ බව නිරීක්ෂණය කළ හැකිය. මිල දී ගැනීම් රු. මිලියන 136.0 ක් වූ අතර විකිණීම් රු. මිලියන 58.2 කි. රුපියල් මිලියන 78.2ක වාසිදායක තත්වයක් රටට ලැබී තිබේ.
මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 27,066 කි. සමාගම් 49 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 194 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,319.08 ක් විය. කොටස් මිලියන 139.3 ක් හුවමාරු වූ බව දැක්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගනුදෙනු සතිය අවසානයටත් කලින් දරුණු පරාජයක්