IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැටලු‍කාරී භූමිකාවලින් ඈත්වීමට මෑතකාලීන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහාය වූවා - මහබැංකු අධිපති කියයි

විමුක්ති එස්.රුද්‍රිගු


මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කරගැනීමට මෙන්ම රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ඉලක්කගත කර්මාන්ත සහ ආර්ථික අංශ සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ආරම්භ කිරීම වැනි ගැටලු‍කාරී භූමිකාවලින් ඈත්වීමට මෑත කාලීන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහාය වී ඇති ආකාරය පසුගියදා පැවැති ශ්‍රී ලංකා මහ බැංකු 75 වැනි සංවත්සර සැමරුම් දේශනයේදී මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
අර්බුදයේදී, යථා තත්වයට පත්වීමේදී සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැදගත් වන්නේ ඇයි යන තේමාව යටතේ පැවැති දේශනයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දී සිටියේ මහ බැංකුව තව දුරටත් අතීතයේ මෙන් පොලී සහ විනිමය අනුපාත පාලනය කිරීම, මූල්‍ය හිඟය සඳහා මුදල් යෙදවීම වැනි කාර්යයන් සිදු නොකරන බවයි.

මහ බැංකු ස්වාධීනත්වය යනු නව සංකල්පයක් නොවන බවත් එය ශ්‍රී ලාංකිකයන්ට අසීරු අවස්ථාවකදී ඉගෙන ගැනීමට සිදුවූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම සිය දේශනයේදී මහ බැංකුව පිළිබඳව ජනතාවට තිබෙන වැරදි වැටහීම් නිවැරදි කිරීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කළේය.
උද්ධමනය පාලනය කිරීම, පොලී සහ විනිමය අනුපාත පාලනය කිරීම, මූල්‍ය හිඟයන් සඳහා මුදල් යෙදවීම සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම වැනි විවිධ එකිනෙකට වෙනස් වගකීම් අතීතයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පැවැරී තිබිණි. එවැනි එකිනෙකට වෙනස් වගකීම් පැවැරී තිබීම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව තිබෙන විශ්වාසය දුර්වල වීමටත් විවේචන එල්ල වීමටත් හේතුවක් විය. එහෙත් ඒ සියල්ලම මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග වෙනස් වී ඇත.



අදහස් (0)

ගැටලු‍කාරී භූමිකාවලින් ඈත්වීමට මෑතකාලීන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහාය වූවා - මහබැංකු අධිපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site