IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කොමර්ෂල් ටේලර් යන්ත්‍ර ජාලය වාර්තාගත මුදලක් නිකුත් කරලා

(චමින්ද මුණසිංහ)

කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය මගින් අප්‍රේල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර එය පැය 24ක් තුළ මුදා හරින ලද මුදල් ප්‍රමාණය සඳහා නව වාර්තාවක් බවත් එම බැංකුව සඳහන් කරයි.

බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය අප්‍රේල් 9 වැනි දින රුපියල් බිලියන 4.498ක මුදලක් සහ ඊට පසු දින රුපියල් බිලියන 4.320ක මුදලක් මුදාහැර ඇති බව බැංකුව නිවේදනය කර ඇත.

සමස්ත වශයෙන් 2021 අප්‍රේල් මස 1 වැනි දින සිට 15 වැනි දින දක්වා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින් රුපියල් බිලියන 41.748ක මුදලක් ලබාගෙන ඇතැයි ද එම බැංකුව කියයි. මෙම දින 15න් දින 7කදී දිනකට රුපියල් බිලියන 2කට අධික මුදලක් බැගින් ලබාගෙන ඇති අතර දින 5කදී දිනකට රුපියල් බිලියන 3කට අධික මුදල් ලබාගෙන ඇති බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. 

මේ අනුව ටෙලර් යන්ත්‍ර ජාලය සතු යන්ත්‍ර 890ක් ඔස්සේ අදාළ දින 15 තුළදී සමස්ත වශයෙන්  ගනුදෙනු මිලියන 2.434ක් සිදුකොට ඇති අතර එක් දිනක් තුළ සාමාන්‍යයෙන් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 168,988කි. අප්‍රේල් 9 වැනි  දින පමණක් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 233,990ක් වූ අතර එය පැයකට ගනුදෙනු 9,749ක්, එසේත් නැත්නම් විනාඩියකට ගනුදෙනු 162ක් විය.



අදහස් (2)

කොමර්ෂල් ටේලර් යන්ත්‍ර ජාලය වාර්තාගත මුදලක් නිකුත් කරලා

ලක්දිමුතු වීරසුරිය Friday, 30 April 2021 12:08 PM

ටෙලර් යන්ත්‍ර ගනුදෙනු මගින් දිනකදී කොමර්ෂල් බැංකුව ලබාගත් ආදායම : 168,988 * 30 = රු 5,069,940.00 /= (මිලියන 5) දින 15කදී ලබාගත් ආදායම : 5,069,940 * 15 = රු 76,049,100.00 (මිලියන 76)....

:       0       14

sujithMonday, 03 May 2021 03:22 PM

මෙයින් කොපමණ මුදලක් බදු වශයෙන් රජයට ගෙව්වාද යන්නත් සඳහන් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 148 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 227 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1089 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site