IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මාස තුනකට පසු ඒකක 16,000 ඉක්මවීම කැපී පෙනෙන තත්වයකි. ඉකුත් මාර්තු 11 දා ට පසු දිගින් දිගටම උච්චාවචනය වූ අතර මුල් භාගයේ තිබුණ ප්‍රගතිය අත්පත්කරගන්නට අසමත්විය. ලාබ සහිතව කොටස් විකුණාදැමීම සඳහා සුළු ආයෝජකයන් හැසිරෙන අතර විදේශ මිල දී ගැනීම් සීමාවීම ද වෙළෙඳපොළ සක්‍රීය භාවය හීන කළේය. විදේශ විනිමය අනුපාතිකය අනුව රුපියලේ අගය අවාසිදායක ලෙස ශක්තිමත්වීම විදේශිය ගිණුම් හිමියන් දුර්මුඛ කරන ලද කරුණකි. කෙසේ වෙතත් ක්‍රමයෙන් සුළු වශයෙන් රුපියල අවප්‍රමාණයවීම සමග කිසියම් ප්‍රමාණයකින් විදේශ ගනුදෙනු 
ඉදිරිපත්වන  බවක් නිරීක්ෂණය කළ හැකිය. කලින් දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,131.24 ක් වූ අතර එය දර්ශක 215.07 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,734.03 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 76.23 ක වර්ධනයක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 18,317 ක් වාර්තා වූ අතර සමාගම් 186 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 58 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,361.63 කි. සිලෝන් කොල්ඩ් ස්ටෝර්ස් කොටසකට රු. 1.99 බැගින් ප්‍රසාද දීමනා ප්‍රකාශයට පත් කර තිබේ. 
දිනයේ පවත්වාගෙන ගිය ස්ථාවරත්වය ආරම්භයේ සිට වර්ධනයක් පෙන්නුම් කළ අතර මිල දී ගැනීම් ඉහළ ගියේය. ණය පදනමකින් කොටස් මිල දී ගන්නා ආයෝජකයන් වහාම විකුණා සුළු ලාබගැනීමට වෑයම් කරන අතරවාරයේ වෙළෙඳපොළ උනන්දුවසීමාවීමට ඉඩ ඇත.
එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 171 ක, සෙලින්කෝ ෆිනෑන්ස් රුපියල් මිලියන 148 ක, ජෝන් කීල්ස් රුපියල් මිලියන 148 ක, ඩයලොග් රු. මිලියන රු. 117 ක, ජෝන් කීල්ස් හොටෙල් මිලියන 83 ක, ලංකා ඔරෙක්ස් ලීසිං  රු. මිලියන 81 ක, මාරවිල රු. මිලියන 65ක, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 61ක, වැලිබල් වන් රු. මිලියන 57 ක සහ හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 56 ක කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
- නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1553 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site