අවසන් වසර 30කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්ම අපනයන ක්ෂේත්‍රය දැඩි වර්ධනයක් පෙන්නුම් කරන අතර එය රටට විදේශ විනිමය උත්පාදනය කරන බවත් ගෝලීය කාබනික වෙළෙඳපොළේ වටිනාකම යුරෝ බිලියන 136.4 පමණ වන අතර ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික මුදලක් උපයා ගනිමින් විශ්වාසදායක සහතික කළ කාබනික කෘෂිකර්ම නිෂ්පාදන සැපයුම්කරු ලෙස කටයුතු කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පසුගියදා පැවැත්වූ ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
ඉතා විශාල කාබනික නිෂ්පාදන භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ සහතික කළ කාබනික අපනයනකරුවන් 400කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා, යුරෝපා සංගමය (EU), ඇමරිකානු USDA, ජපානයේ AS, Demeter සහ Naturland වැනි ජාත්‍යන්තර සහතික සම්මතයන් යටතේ ක්‍රියාත්මක වන බවද ඔහු අවධාරණය කළේය. ඊට අමතරව අපනයනකරුවන් සහ සැකසීමේ කර්මාන්තකරුවන් මූලික කරගත් ගොවි කණ්ඩායම් මගින් සංවිධානය කළ ගොවියන් 20,000කට අධික සංඛ්‍යාවක්ද කාබනික ලෙස සහතික කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ගනීෂා ද සිල්වා මහත්මිය SLS 1324:2018 කාබනික කෘෂි ජාතික ප්‍රමිතියේ සංශෝධන පිළිබඳව ද ජාතික කාබනික පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විනෝකා පෙරේරා මහත්මිය කාබනික නියාමන ක්‍රමවේදයේ සංශෝධනය පිළිබඳව ද දීර්ඝ දැනුවත් කිරීමක් සිදු කළහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාබනික කෘෂි නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික ආදායමක්