IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිමුතු අබේසේකර

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කළ බව එම හුවමාරුව සඳහන් කරයි. ඒ මහතා ආසන්න වසර හයක කාලයක් පුරා කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ. 
කොළඹ කොටස් හුවමාරුවේ වත්මන් සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව අබේසේකර මහතා නව සභාපතිවරයා ලෙස පත් කෙරී ඇතැයි සඳහන් වෙයි.
ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් වසර 35 කට අධික කාලයක අත්දැකීම් සහිත දිමුතු අබේසේකර මහතා, මෙරට සිටින ප්‍රවීණතම ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයකු ලෙස සැලකෙයි. ඒ මහතා වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවේ කොටස් තැරැව්කාර සමාගමක් වන ආෂා සෙකියුරිටීස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
අබේසේකර මහතා මීට පෙර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මෙන්ම Kalamazoo Systems PLC  (වර්තමානයේදී රේනුකා කැපිටල් පීඑල්සී) හි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (0)

කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිමුතු අබේසේකර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site