සඳලංකාව හේමලතා ඩී හේවගේ
දේශීය කර්මාන්තයක්ව පැවති වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී තිබූ කොහු මෝල් වලින් විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් ඇති බව එම කර්මාන්තයේ නියැළෙන්නෝ පවසති.
කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පොල්ලෙලි හිඟවීම සහ කොහු අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා ලෙලි සඳහා යන වියදම වැඩිවීම හේතුවෙන් කර්මාන්ත කරුවන් මෙම ව්‍යාපාරයෙන් ඈත් වන බවද ඔවුහු පෙන්නා දෙති.
කොරෝනා ව්‍යසනයත් සමග කර්මාන්ත සඳහා බලපෑ පසුබෑම වසර පහක් ඉක්මවා ගියද මෙතෙක් ඒ සඳහා නිසි සොයාබැලීමක් නොමැතිකම නිසා වැඩ කරමින් පවතින කොහු මෝල්ද ඉදිරි කාලය තුළදී වැසීයාමේ තර්ජනයක් පවතින බවද එම කර්මාන්තකරුවෝ පවසති.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිඅමුණ ප්‍රදේශයේ කොහුමෝලක් පවත්වාගෙන යන කේ.ඒ සරත් ආනන්ද මහතා තම කර්මාන්තයට සිදුව ඇති තත්වය පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.
මම මේ කොහු මෝල් කරන්න අරගෙන දැන් වසර විස්සකටත් වැඩියි. එදා අපේ කොහුමෝලේ පෙට්ටි කුට්ටන් තුනක් වැඩ කළා. සේවක සේවිකාවන් පහළොවක් විතර හිටියා. මගේ ළඟ තිබුණා ටුවෙල් ටෙන් ලොරි දෙකේ සතියේ හැම දවසකම පොල් ලෙලි අදිනවා. එහෙම තිබුණ කර්මාන්තය අද නැත්තටම නැතිවෙලා.
අපේ ළඟ දැන් ඔය වැඩ කරන වයසක දෙන්නා රස්සාවල් ඉල්ලගෙන එනවා. ඒ අයට වැඩ දෙන්න ඕන නිසා මෝලේ පොඞ්ඩක් වැඩ කරනවා. මම නම් වැඩිය ඒ පැත්තට යන්නෙවත් නැහැ. කොහු මෝලුත් දැන් එපා වෙලා තියෙන්නේ. පසුගිය කාලයේ විශාල වතුරක් ඇවිත් මගේ මෝලේ තිබුණ පොල්ලෙලි, කොහු බත්, ඔක්කොම වතුරට ගහගෙන ගියා. මැෂින් ටිකත් යටවුණා. ලක්ෂ ගාණක් මට පාඩු වුණා. රජයෙන් කියලා කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. මේ කොහු මෝල් ආරක්ෂා කරගන්න කියලා කිසිම රජයකින් උනන්දු වුණෙත් නැහැ. අපේ මුදල් කෝටි ගණන් අපිට නැතිවුණා. ආයේ කවදාවත් ඒ මුදල් අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ.
ඩබ්ලිව් එම් සමන් විජේවීර මහතා වසර ගණනාවක සිට බදු පදනම මත ලබාගත් කොහුමෝලක් පවත්වාගෙන යන අයෙකි. එම කර්මාන්තයට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.
දන්න දවසේ ඉඳන් මේ කොහුත් එක්ක ඔට්ටු වුණ නිසා අපිට මේ කර්මාන්තය දාල යන්න හිතෙන්නෙ නෑ. මම මුලින් කොහු මෝල් වල කුලියට වැඩ කළා. පසුව මම බදු පදනම මත කොහු මෝලක් කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු නමයක් විතර වෙනවා ඒක කරන්න අරගෙන. ඒ දවස්වල පොල් ලෙලි තිබුණේ රුපියල් දෙකට, තුනට. සේවකයන් දාගෙන මෝල හොඳට කරගෙන ගියා. එහෙත් පසුගිය කාලයේ කොහු මෝල් කර්මාන්තයට විශාල හානියක් සිදුවුණා. ඒ කියන්නේ ඇණවුම් නැතුව ගියා. ඒකත් සමග කොහු මෝල් ගොඩක් වැසීගෙන ගියා. ඒ තත්වය අපිටත් හොඳටම බලපෑවා. අද වන විට පොල්ලෙලි හිඟය සහ ලෙලි මිල වැඩිවීම නිසා මේ කර්මාන්තයට මරු පහරක් වැදිලා තියෙන්නේ.
මගේ ළඟත් සේවකයෝ දහයක් විතර වැඩ කළා. අද මේ කොහු මෝලේ වැඩ කරන්නේ මමත් බිරිඳත්, මගේ ඥාති සහෝදරයකුත් විතරයි. සේවකයන්ට වැටුප් ගෙවාගෙන ලයිට් බිල් ගෙවාගෙන, වැඩි මිලට පොල්ලෙලි අරගෙන අද මේ කර්මාන්තය කරන්න බැහැ. අයිතිකරුවොත් දැන් කම්කරුවෝ වෙලා තියෙන්නේ. ණයට මුදල් අරගෙන තමයි සතියේ වැඩ කරන්න අමුද්‍රව්‍ය මිලට ගන්නේ. පහුව සතියේ ඒවා විකුණලා අර සල්ලි වල පොලිය ගෙවලා නැවත ණයට අරගෙන මෝල කරනවා. ඇත්තටම අද සිදුවෙලා තියෙන්නේ කොහු මෝල් කරන්න ගිහිල්ලා අපි ණයකාරයෝ වුණ එක විතරයි.
වර්තමාන රජයවත් අද මේ විනාශ වෙමින් පවතින කොහු මෝල් රැකගන්න යම් වැඩ පිළිවෙළක් ගෙනඑනවා නම් ඒක අපට ශක්තියක්. ණයකාරයෝ වෙලා ඉන්න අපිට යම් සහනයක් ලබා දෙන්න කියලා තමයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලන්නේ.
යූ ඒ නිලන්ත ප්‍රනාන්දු මහතා වසර 23 ක කාලයක සිට කොහු මෝලක් පවත්වාගෙන යන අයෙකි. මෙම කර්මාන්තය වැසී යාමට හේතුව ලෙස ඔහු පැවසුවේ මෙවැන්නකි.
කොහු මෝල් කියන්නේ විශාල පිරිසක් ජීවත් කරපු කර්මාන්තයක්. අද ඒක නැත්තටම නැතිවෙලා. පොල්ලෙලි හිඟකම වගේම තියෙන පොල්ලෙලි මහා පරිමාණ කර්මාන්තකරුවන් විසින් කෑලි කැපීමට යොදාගන්න නිසා කොහු මෝල් සේරමද වැහිලා ගිහිල්ලා.
අනෙක් කාරණය තමයි පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම. මොකද කොහු මෝල් තුන්වන පන්තියේ රැකියාවක් හැටියටයි සමාජය පිළිඅරගෙන තියෙන්නේ. ඒක නිසා තරුණ පරපුර අද කොහු මෝල් වල වැඩට එන්නේ නෑ. වැඩ කරපු පැරණි මිනිස්සු බොහොමයක්ම ඔය ප්‍රමිතියක් නැති මත්පැන් බීල මිය ගිහිල්ලා. ඒක නිසා ශ්‍රමික ප්‍රශ්නය විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ.
අද කොහු මෝල් නෑ. කොහුගන්න කටර් කියන ඒවා නෑ. ලණු කර්මාන්තය නැහැ. එය හා බැඳුණු කර්මාන්ත රැසක් නැත්තටම නැතිවෙලා.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොහු කර්මාන්තයේ නරක කලදසාව