IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ක්‍ෂණික මූල්‍ය විසඳුම් හඳුන්වාදීමට එල් බී ෆිනෑන්ස් - ටොයෝටා ලංකා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන එල් බී ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, ටොයෝටා වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ටොයෝටා ලංකා (පුද්) සමාගම සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹී ඇත. පාරිභෝගිකයන්ට පහසු සහ තවත් වටිනාකම් එකතු කරන ලද ජංගම විසඳුම් ලබා දීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙම සමාගම් ද්විත්වය විසින් වත්තල පිහිටි ටොයෝටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ටොයෝටා ලංකා සමාගමේ සභාපති සචියෝ යොට්සුකුරා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල සහ එල් බී ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ, ප්‍රධාන පරිවර්තනීය නිලධාරී රවී තිසේරා යන අය සහභාගී වූහ. මෙම සහයෝගීතාවෙන් ටොයෝටා ලංකා පරිශ්‍රය තුළම විශේෂිත නව්‍ය සහ ක්ෂණික ලීසිං පහසුකමක් හඳුන්වා දෙන අතර, එමගින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ වාහන මිලදී ගැනීම් සඳහා කඩිනම් සහ පහසු ලීසිං විසඳුම් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසේ.

අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින්, නිරෝෂන් උඩගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය:

‘ටොයෝටා ලංකා සමග ඇති මෙම හවුල්කාරිත්වය පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා. එල් බී ෆිනෑන්ස් හි අපගේ ප්‍රධාන අවධානය සැමවිටම යොමු වී ඇත්තේ මූල්‍ය සේවාවල ප්‍රවේශය, විනිවිදභාවය සහ පහසුව වැඩිදියුණු කිරීම කෙරෙහියි. ටොයෝටා ලංකා හි එක් දින ලීසිං පහසුකමක් ස්ථාපිත කිරීමෙන්, වාහන හිමිකාරීත්වයට යන ගමන වේගවත් කරනවා පමණක් නොව, සෑම පාරිභෝගික අන්තර්ක්‍රියාවකදීම විශිෂ්ට සේවාවක් ලබා දීමට අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරනවා. ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ ටොයෝටා ලංකා වැනි සන්නාමයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක් වන අතර, මෙම සහයෝගීතාව සියලු‍ පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපේ විශ්වාසයි.”‍

මෙම උත්සවයට එල් බී ෆිනෑන්ස් සහ ටොයෝටා ලංකා යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සහභාගී වූහ. නව ලීසිං පහසුකම් ක්‍රියාවට නැංවීම සහ පුද්ගලානුබද්ධ කාර්යක්ෂම සේවා සැපයීම සහතික කිරීම සඳහා කැපවූ එල් බී ෆිනෑන්ස් නිලධාරීන් ටොයෝටා ලංකා කාර්යාල/ප්‍රදර්ශනාගාරවල ස්ථාරව ස්ථානගත කරනු ඇත.

මෙම හවුල්කාරිත්වය නවෝත්පාදන සහ සහයෝගීතාවෙන් පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ සේවා ලබාදීම් ශක්තිමත් කිරීමට ආයතන ද්විත්වයේම නොසැලෙන කැපවීම අවධාරණය කරයි.



අදහස් (0)

ක්‍ෂණික මූල්‍ය විසඳුම් හඳුන්වාදීමට එල් බී ෆිනෑන්ස් - ටොයෝටා ලංකා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site