
භානුක අමරසිංහ
කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් දෙකක් සඳහාම අලුතින් කොටස් නවයක් නිකුත් කරන බව සඳහන් වෙයි.
නිකුත් කෙරෙන සමස්ත කොටස් 323,365,158 කි. එක් කොටසක් රුපියල් 40ක් බැගින් මිල කෙරී ඇති අතර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රු. 1,2934,606,320 කි. එම මුදල් සමාගමේ මූල්‍ය තත්වය ශක්තිමත් කරගැනීමට සහ කාරක ප්‍රාග්ධනය දියුණු කරගැනීම සඳහා උපයෝගී කර ගන්නා බවද සමාගම පවසයි. විශේෂයෙන්ම කලම්බු ඩොක්යාඩ් සමාගම මේ වනවිට දරුණු මූල්‍ය අර්බුදයක පසුවන අතර මේ හේතුවෙන් එය කොළඹ කොටස් හුවමාරුවේ Watch List වෙතද ඇතුළු කර තිබේ. මේ අතර කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගමේ සියයට 51ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් සමාගම පසුගියදා පියවර ගත්තේය. අද වනවිට කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 714,395,757 ක් ලෙස සටහන්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලම්බු ඩොක්යාඩ් වෙතින් හිමිකම් නිකුතුවක්