IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කල්පිටියේ සංචාරක සැණකෙළිය සහ ප්‍රදර්ශනය හෙට ඇරැඹේ

 


කල්පිටිය පද්මා කුමාරි කන්කානම්ගේ 


ලෝකයේම සංචාරක නෙත් සිත් කල්පිටි අර්ධ දිපයට යොමු කරවන කල්පිටියේ සංචාරක සැණකෙළිය සහ ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (5 -6) කල්පිටියේ කැපිටල් වින්ඩි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බැව් කල්පිටිය අර්ධද්වීපය සංචාරක හෝටල් සංගමය පවසයි. 

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩී.එල්.ඒ එච්.ශම්මික මහතා කල්පිටි අර්ධද්වීපයේ ඓතිහාසික, සංස්කෘතික හා ආර්ථික වටිනාකම් සහ ප්‍රභවයන් සංචාරක කර්මාන්තය හා ගළපා ගත යුතු බව අවධාරණය කළේ ය.කල්පිටියෙ පාරිසරික වටිනා කම, භූවිෂමතාව, එකිනෙකට වෙනස් විවිධත්වයෙන් හෙබි දූපත් සමූහය ලෝකයේම සංචාරක ගෝලීය වෙළෙඳ උපාය මාර්ග සඳහා යොදා ගැනීමේ අභියෝග ජයගත යුතු බැව් ඒ මහතා අවධාරණය කළේය.

ඇරෝමා ඇන්ඩ් ඕෂන් (Aroma & ocean) නමින් නම් කර ඇති මෙම සංචාරක ආකර්ෂණ වැඩ මුළුව සංචාරක කර්මාන්තයේ නියැලෙන දෙස් විදෙස් සැමට දැනුම ආකල්පමය මෙන්ම අත්දැකීම් රැසක්, ලබා දෙන්නක් බැව්, එහි ප්‍රධාන සංවිධායකවරයකු වූ සූපවේදී ඉයෙන් රොෂේන්ද්‍ර මහතා පැවසුවේ ය.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩමුලු‍වේ පළමු දිනය ආධුනික සූපවේදින්,කාර්මික විදුහල් සහ හෝටල් පාසල් සිසුන් සඳහා විවෘතය. දිවයිනේ ඕනෑම කෙනකුට මේ සඳහා සහභාගි විය හැකි ය. කල්පිටියට ආවේණික මුහුදු ආහාර හඳුන්වා දීම, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික හා සංස්කෘතික ආහාර හා ආහාර පුරුදු පදනම් කර ගත් “වයඹ හෙළ අභිමානී”‍ අංගයක් ද මීට එක්ව ඇත.

මේ අවස්ථාවට කල්පිටිය සංචාරක කර්මාන්තයේ රජයේ නියෝජිත නිමල් පතිරණ, කල්පිටිය සංචාරක හෝටල් සංසංගමයේ සභාපති වසන්ත විතානගේ, එම සංගමයේ ලේකම් සුගත් එම්මානුවෙල් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (0)

කල්පිටියේ සංචාරක සැණකෙළිය සහ ප්‍රදර්ශනය හෙට ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site