IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කෝලිගේ සමාගමක් ලංකාවට එන ලකුණු

ඉන්දියාව මූලස්ථානය කරගත් චිසෙල්ස් කායවර්ධන මධ්‍යස්ථානයේ ශාඛා ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යෝජනා කර ඇතැයි වාර්තාවේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලිට චිසෙල්ස් සමාගමේ 30%ක ‍කොටස් හිමි බව කියති. මෙම සමාගම කැලිෆෝනියාව මූලස්ථානය කරගත් ව්‍යාපාරික ආයතනයක් හා සම්බන්ධව සිටී. සත්‍ය සිංහා එහි සම හිමිකාරිත්වය දරයි.

එම සමාගම මේ වන විට බැංග්ලෝර් සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි ශරීර සුවතා මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. තමන් ඊළඟ මාස කිහිපය ඇතුළත දිල්ලි, මුම්බායි, ගුවහාටි, හයිද්‍රාබාද් සහ චෙන්නායි හි ද 2018 වසර වන විට සමස්ත ඉන්දියාව පුරා ශාඛා 100ක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සිංහා පවසයි.

ඒ සමගම බර අඩුකරන කෑම හා ඇඳුම් නිෂ්පාදනයට යොමුවීමට නියමිත බව ඔහු කියයි. චිසෙල්ස් සමාගම තම එක් ශාඛාවක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 20ක් පමණ ආයෝජනය කිරීමට කටයුතු යොදා ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය සඳහන් කරයි. 



අදහස් (0)

කෝලිගේ සමාගමක් ලංකාවට එන ලකුණු

රන්දික Wednesday, 06 April 2016 03:16 AM

ලොකු වියදමක් දරන්න ඇති නේද?(හේ)

:       0       0

සුමේධ Wednesday, 06 April 2016 03:16 AM

මාත් ගිහින් බලන්න ඕනේ කොහොමද ජිම් එක කියලා.(හේ)

:       0       0

රවින්ද්‍ර Wednesday, 06 April 2016 03:16 AM

එහෙනම් ඒ නමටම අපේ අය ගොඩක් අය යයි.(හේ)

:       0       0

රවී Wednesday, 06 April 2016 03:17 AM

කොල්ලනේ ගිහින් වෙට්ස් කරපල්ලා හැබයි සල්ලි දෙන්න එපා.(හේ)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 03:57 AM

එට්කා 1 ඉන්දියන් ජිම්. (බ)

:       0       0

රොෂාන් Thursday, 14 April 2016 04:19 AM

මේක ඉන්දියාවක්ම කරන්න. එතකොට තමයි අපේ අයට නින්ද යන්නෙ (නි)

:       0       0

ජාති මාමකයා Monday, 11 April 2016 08:19 AM

ඔවා කිසිම හරයක් නැති බොරු වැඩ. මොලේ ටිකක් හරි තියෙන මිනිස්සු ඕවට අහුවෙන්නේ නෑ (ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 05 April 2016 04:49 PM

ඉන්දියන්කාරයෝ නම් අපේ රටට වද්දාගන්න එපා. (නි)

:       0       0

සංකල්ප Wednesday, 06 April 2016 06:21 AM

පළමුව ඇවිදින ඇටසැකිලි වලට සමබර ආහාර වේලක් ලැබිය හැකි වාතාවරණයක් සකසන්න.. ඒ ඇති...අනෙක ප්‍රයිවට් බස් එකක දිනපතා ගමන් කරන මෙවන් ජනතාවට නම් දිනකට අවශ්‍ය ව්‍යායාම නිකම්ම වගේ ලැබෙනවා නේ....ඒ නිසා කායවර්ධන මධ්‍යස්ථාන මෙවන් ජනතාවකට අවශ්‍යම දෙයක් නොවේ.(බ)

:       0       0

සංජීව - හොරණ Thursday, 07 April 2016 01:01 PM

ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙයි මේ සමාගම, මට හිතෙන හැටියට (නි)

:       0       0

සුනිල් Wednesday, 06 April 2016 07:11 AM

ඕකෙ මොනවාද නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ අයට රැකියා ලැබෙනවා ද. රටේ තියෙන ඩොලර් ටිකත් අදින වැඩක් ද දන්නේ නැහැ(කෞ).

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 06 April 2016 07:13 AM

ඕකෙ මොනවාද නිශ්පාදනය කරන්නේ. ලංකාවේ අයට රැකියා ලැබෙනවා ද. රටේ තියෙන ඩොලර් ටිකත් අදින වැඩක් නේ.(බ)

:       0       0

ලලිත් Wednesday, 06 April 2016 01:06 AM

ගම් පළාත්වල කොල්ලෝ කුඩා පරිමාණයෙන් ශරීර සුවතා කායවර්ධන ආයතන පවත්වාගෙන යන එකටත් තට්ටුවෙයි එහෙනම්? කොල්ලනේ, මින්පස්සේ යන්න වෙන්නේ ඉන්දියන් ජිම් වලට. (නි)

:       0       0

භාරත Wednesday, 06 April 2016 01:34 AM

ලෝකයේ දියුණු රටවලත් එක එක සමාජ පන්ති වලට ගැළපෙන ශරීර සුවතා මධ්‍යස්ථාන තිබෙනවා (නි)

:       0       0

නලීන් Wednesday, 06 April 2016 02:28 PM

වෙනසකටත් එකක් හොදයි.(හේ)

:       0       0

සාගර Wednesday, 06 April 2016 02:28 PM

අපේ අයත් මේ උගුල් වලට අහු වෙනවනේ.(හේ)

:       0       0

නිම්මි Wednesday, 06 April 2016 02:29 PM

ගිහින් බලන්න ඕනේ ජිම් එක කොහොමද කියලා.(හේ)

:       0       0

නිම්මි Wednesday, 06 April 2016 02:29 PM

එච්චරයි දැන් මේ රටට අඩු. (හේ)

:       0       0

නිම්මි Wednesday, 06 April 2016 02:29 PM

එච්චරයි දැන් මේ රටට අඩු. (හේ)

:       0       0

ඉමේෂ් Thursday, 07 April 2016 09:35 AM

රැකියා අවස්ථා කීයක් එනවද මේකෙන්?(හේ)

:       0       0

ඉමේෂ් Thursday, 07 April 2016 09:35 AM

රැකියා අවස්ථා කීයක් එනවද මේකෙන්?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site