IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනාවෙන් ආර්ථිකයට වූ බලපෑම ගැන සමීක්ෂණයක්

(විනීතා එම් ගමගේ)


කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු කෙරෙහි බලපා ඇති අන්දම ගැන සොයා බැලීමේ සමීක්ෂණයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


ආර්ථිකයේ විධිමත් අංශය මෙන්ම අවිධිමත් අංශය ද සැළකිල්ලට ගනිමින් ඒකක විසිදහසක පමණ නියැදියක් අධ්‍යයනය කරමින් මෙම සමික්ෂණය කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලරාල් ඉන්දු බණ්ඩාර මහත්මිය එම දෙපාර්තමේන්තුවේ අද (3) පැවති මාධ්‍ය හමුවක දී පැවැසුවාය.


සමීක්ෂණයේ දී මුළු රටම ආවරණ්‍ය වන පරිදි දිවයිනේ සියලුම ආර්ථික කටයුතු ද ඇතුළත් වන විද්‍යාත්මක සමික්ෂණයක් මෙතෙක් සිදුව නොමැති බව ද ඇය කීවාය.  


අන්තර්ජාලය හරහා සිදුකරන මෙම සමික්ෂණය සඳහ සහභාගී වන ලෙස දෙපාර්තමේන්තුව මධ්‍යම හා විශාල ප්‍රමාණයේ ආයතන වෙත විද්‍යුත් තැපෑල හරහා ආරාධනය කර ඇති බවත් සුළු හා කුඩා පරිමාණයේ ආයතනවල සමීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඉටුකරනු ලබන බවත් ඇය කියා සිටියාය. 


ඊට අමතරව මීට සහභාගී වීමට කැමති ඕනෑම ආර්ථික කටයුත්තක යෙදෙන ඕනෑම ව්‍යාපාරික ආයතනයකට හැකි බවත් ඔවුන් ඒ සඳහා ලියාපදිංචි විය යුතු අතර ඉන්පසු ඔවුන්ට වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රශ්නාවලිය ලබා ගැනීමට අවස්ථාව සැලසීමට දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් බණ්ඩාර මහත්මිය කියා සිටියාය. 

එමෙන්ම කොවිඞ් වසංගතය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දී කොයිතරම් දුරට බලපා ඇත්ද යන්න ගැන මෙන්ම අවශ්‍ය පහසුකම් මොනවාද යන්න යන් මෙන්ම මෙතෙක් ලැබුණු සහන මොනවාද යන්න ගැනත් මෙහි දී විමසනු ලබන බවත් කවර හෝ ව්‍යවසායකුට තවත් විශේස දෙයක් කීමට ඇත්නම් ඒ පිළිබඳව ද මෙහිදී සඳහන් කළ හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය. 

කෙසේ වෙතත් මෙහි දී ආයතන හිමිකරුවන් නිවැරදි තොරතුරු ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය යෙදී ඇති කර්මාන්තය, නිෂ්පාදන ධාරිතාවය, සැබෑ ආදායම, ප්‍රතිශතයක් ලෙස සේවයට ආ පිරිස, වැටුප් හා වේතන ලෙස ගෙවූ ප්‍රමාණය ආදී තොරතුරු ද කොවිඞ් වසංගතය බලපෑ අන්දම  පිළිබඳව ද එහි දී හෙලිවනු ඇතැයි කියා සිටියාය.


අධ්‍යයනයේ දී හෙළිවන තොරතුරු ඉක්මණින් ජනගත කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන  පී එම් පී අනුර කුමාර, අනෝජා සෙනෙවිරත්න, ඉදිකිරීම් හා ගොඩනැගිලි අංශයේ අධ්‍යක්ෂිකා උදය මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද ඊට සහභාගී වූහ. 
 



අදහස් (0)

කොරෝනාවෙන් ආර්ථිකයට වූ බලපෑම ගැන සමීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site