හමීඩියා සමූහයේ අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන සිග්නේචර්, ඉන්දියාවේ විශාලතම ක්‍රීඩා සහ Athleisure හෙවත් ක්‍රීඩා විනෝදාස්වාද පාවහන් නිෂ්පාදකයකු වන කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ් සමග එක්ව නවතම ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ.
කැම්පස් පාවහන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරවලදී, H Sports අලෙවි සල්වලින්, සුවිශේෂී සිල්ලර හවුල්කරුවන්ගේ පුළුල් ජාලයකින් මෙන්ම දිවයින පුරා බෙදාහැරීම් සමග https://signature.lk වෙතින් මාර්ගගතව ලබා ගත හැකිය. කැම්පස් සන්නාමය තොග සහ සිල්ලර මිලදී ගැනීම් සඳහා ද ලබා ගත හැකි අතර, එමගින් පුළුල් පරාසයක පාරිභෝගිකයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ්, 2005 දී ආරම්භ කළ වසරේ පටන්, ඉන්දීය පාවහන් කර්මාන්තයේ විප්ලවීය වෙනස්කම් ඇති කළ සන්නාමයක් වන අතර, විශේෂයෙන් තරුණයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිව ඇත.
කැම්පස් ඇක්ටිව්වෙයා සමාගම 2023 - 24 පසුගිය දෙවසර තුළ පමණක් පාවහන් යුගළ මිලියන 22.2 ක අලෙවියක් සිදු කරමින්, ඉන්දියාව පුරා ශක්තිමත් ජාලයකින් යුතුව 23,000 කට වැඩි සිල්ලර අලෙවි ස්ථාන හා කැම්පස් සන්නාමය පමණක් සඳහාම වූ 250කට අධික සුවිශේෂී අලෙවිසල් වලින් සමන්විත විශාල බෙදාහැරීම් ජාලයක් පවත්වාගෙන යයි. මෙම සාර්ථක ආකෘතිය ශ්‍රී ලංකාවටත් ගෙන එමින් සිග්නේචර් සමඟ සිදුවූ මෙම නව සහයෝගිතාව ඔස්සේ, කැම්පස සමාගම දේශීය පාරිභෝගිකයන්ටත් තම උසස් පාවහන් නිෂ්පාදන පරාසය සාධාරණ මිලකට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ක්‍රීඩා සහAthleisure පාවහන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සිග්නේචර් කැම්පස් ඇක්ටිව්වෙයා සමග හවුල් වේ