IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක්

ආයතනික සහ වෙළෙඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත.
මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමග අනුනාද වන බව බැංකුව ප්‍රකාශ කරයි.
කොළඹ 1, ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ (ඩ්‍රිස්ටල් වීදිය) අංක 21 දරණ ස්ථානයේ කොමර්ෂල් හවුස් හි බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නැවත නම් කරන ලද ආයතනික ශාඛාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක් සකස් කරන ලද ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සේවාවක් සපයන පළමුවැන්න ලෙස සැලකෙන බවත් බැංකුව පැවසුවේය. මෙම පරිවර්තනය අසමසම සේවා විශිෂ්ටත්වය, අභිරුචිකරණය කරන ලද මූල්‍ය විසඳුම් සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වය පෝෂණය කිරීමෙහිලා බැංකුවේ දැක්ම සමඟ සමපාත වේ.
“අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ පිහිටා ඇති ඩෙල්ෆ් ගේට්ටුව ඓතිහාසික ලන්දේසි කොටුවට මාර්ගය විවෘත කළ ආකාරයට අපගේ අභිලාෂය වන්නේ නව ආයතනික ශාඛාව ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බට විහිදෙන සමෘද්ධිමත් ව්‍යාපාරික සහයෝගීතාවේ නව යුගයක් නිර්මාණය කරනු ඇති බවයි,” මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වීය.
බාධාවකින් තොර බැංකුකරණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය වූ ආයතනික ශාඛාව මඟින්, සබඳතා පදනම් කරගත් බැංකුකරණය කෙරෙහි නව අවධානයක් යොමු කරමින්, පුළුල් මූල්‍ය විසඳුම්, පුළුල් වෙළෙඳ මූල්‍ය, භාණ්ඩාගාර සේවා, අක්වෙරළ බැංකුකරණය, අනෙකුත් අභිරුචි මූල්‍යකරණ විකල්ප සහ විශේෂඥ උපදේශන සහාය සපයයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site