IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණවලට විශේෂ ලීසිං දීමනා

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් සහ සෙනොක් ට්‍රෙඩ් කම්බයින් හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ රන්ජන් දහනායක යන මහත්වරු සමාගම් දෙකෙහි නියෝජිතයන් ඉදිරියේ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.


 

 

ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පෞද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත.
මෙම සංවිධාන දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව විසින් සපයනු ලබන අභිරුචිකරණය කළ ලීසිං පැකේජ යටතේ සෙනොක් වෙතින් JCB iy Kobelco  සන්නාමය සහිත ඉදිකිරීම් උපකරණ ගැනුම්කරුවන්ට විශේෂ ප්‍රතිලාභ මාලාවක් හිමි වනු ඇත.  
මෙම ප්‍රතිලාභ අතරට විශේෂ මිල ගණන් සහ අඩු පොලී අනුපාත, අභිරුචිකරණය කරන ලද ආකර්ශනීය සහ දැරිය හැකි ගෙවීම් සැලසුම් සහ පැය 50, 250 සහ 500 යන පළමු සේවා තුන නොමිලේ ලබාදෙනු ලබයි.
සෙනොක් සමූහයේ පියසටහන දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ, වාණිජ වාහන, මෝටර් රථ, තේ, විනෝද කටයුතු, ප්‍රීකාස්ට් ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්තිය, විශේෂ ව්‍යාපෘති සහ ජීවනෝපාය වැනි විවිධ ව්‍යාපාරික අංශ රැසකට ව්‍යාප්ත වී ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙදපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I  බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ^DIFC&  තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC  ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණවලට විශේෂ ලීසිං දීමනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site