IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හවුල්කාරීත්වයෙන් සුවිශේෂී ලීසිං ප්‍රතිලාභ

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමග ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත.
මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙම සහයෝගීතාව නිවේදනය කළ අතර ආයතන දෙක අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදී. 
මෙම ගිවිසුම යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හි ලියාපදිංචි නොකරන ලද සහ පෙර හිමිකාරීත්වයක් පැවති වාහන සඳහා කොමර්ෂල් බැංකුව වෙතින් ලීසිං පහසුකම් ලබාගැනීමේදී සුවිශේෂී ප්‍රතිලාභ පරාසයක් අත්විඳීමට ගැනුම්කරුවන්ට හැකියාව පවතියි. බැංකුව මගින් තරඟකාරී පොලී අනුපාත සහ විශේෂිත ලීසිං පැකේජ ලබාදීම ඔස්සේ ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ආදායම් රටාවන්ට අනුකූල වූ නැවත ගෙවීම් කටයුතු සකසා ගත හැකිය. මීට අමතරව, ලියකියවිලි ගාස්තු සඳහා සියයට 50ක නිදහස් කිරීමක් ද ලබාදෙනු ඇත. මෙම ලීසිං සේවා සදහා ප්‍රවේශය සැපයීමට කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා පුළුල් ශාඛා ජාලය සහ සියලුම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අලෙවිසැල් ද ප්‍රවර්ධන කාලසීමාව පුරාවට කැපවී කටයුතු කරනු ඇත. 
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් ගැනුම්කරුවන්ට වසර දෙකක එන්ජින් සහ ගියර් බොක්ස් වගකීමක් සහ ලියාපදිංචි නොකළ වාහනවල හයිබි්‍රඞ් බැටරි සදහා වසර තුනක වගකීමක්ද මෙම ප්‍රතිලාභ ඔස්සේ ලබාදෙයි. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් වාහන අමතර කොටස් මිලදී ගන්නන් සඳහා සියයට 10ක වට්ටමක් සහ පළමු වසරේදී ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සර්විස් පාර්ක් හි කම්කරු ගාස්තු සඳහා සියයට 10ක වට්ටමක් ද ලබා දෙනු ඇත. 
මෙම ප්‍රවර්ධන වැඩසටහන ජුනි මස 06 වැනිදා සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දා දක්වා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් ලබා ගතහැකි සියලුම පරාසයේ වාහන සඳහා ක්‍රියාත්මක වේ. 



අදහස් (0)

කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හවුල්කාරීත්වයෙන් සුවිශේෂී ලීසිං ප්‍රතිලාභ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site