IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ නියෝජිත කාර්යාලය විවෘත කරයි

බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ^DIFC& කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් පසුගියදා විවෘත කළේය. 
මෙම නියෝජිත කාර්යාලය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා යන දෙදෙනා සමග DIFC අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අරිෆ් අමිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. 
සමාරම්භක උත්සවය අවසන් වීමෙන් පසු ෂැන්ග්‍රි-ලා ඩුබායි හිදී උත්සවයක් පැවැත්වුණු අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි, මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය සහ දෙරටේ ම ව්‍යාපාරික ප්‍රජාවේ සම්භාවනීය අමුත්තෝ සහභාගී වූහ.
DIFC හි විවෘත කළ නියෝජිත කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ^UAE& මෙහෙයුම් පවත්වාගෙන යන කොමර්ෂල් බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙන් ම බංග්ලාදේශයේ සහ මාලදිවයිනේ ප්‍රධාන කොටස්කරුවන් ද ඇතුළත්ව, එම කලාපයේ වර්ධනය වෙමින් පවතින සේවාදායක පදනම සඳහා සම්බන්ධතා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇත. බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ මාලදිවයිනේ අංග සම්පූර්ණ පළමු පෙළ බැංකුවක් ද ඇති කොමර්ෂල් බැංකුවට දැනටමත් ශ්‍රී ලාංකික බැංකු අතරින් පුළුල්ම ජාත්‍යන්තර පියසටහන සතු වෙයි. 
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග යන මහත්වරු සම DIFC  අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අරිෆ් අමිරි මහතා සහ DIFC අධිකාරියේ බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රධානී අහමඩ් අල් අවුලාකි මහතා නියෝජිත කාර්යාලය විවෘත කළ අවස්ථාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය උත්සවය අැමතූ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.



අදහස් (0)

කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ නියෝජිත කාර්යාලය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site