IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවෙන් වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

වසර කිහිපයකට පසුව අලු‍ත් වාහන මෙරටට පැමිණීමත් සමග කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂා සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 
2025 මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් 10,000 ක අවම ගාස්තුවක් සහිත ණයවර ලිපි සඳහා කොමිස් ගාස්තුවලින් සියයට 50 ක නිදහස් කිරීමක් සහ සම්බන්ධ වීමේ ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කරන ලද නොමිලේ ලබාදෙන ක්‍රෙඩිට් කාඩ්පතක් මෙම පැකේජයට අයත් වේ. ඊට අමතරව බැංකුව මගින් ණයවර ලිපි විවෘත කිරීමටත් අවස්ථාව සකසා දී තිබේ. 
ගනුදෙනුකරුවන්ට කඩිනමින් සහ කරදරයකින් තොරව ලීසිං පහසුකම් සඳහා අනුමැතිය ලබා දීම සහ වාහන අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබා දීම ද මෙම පැකේජයේ කොටසක් බව බැංකුව පවසයි. මෙම විශේෂ ප්‍රතිලාභ අදාළ වන්නේ ලියාපදිංචි නොකළ වාහනවල ලීසිං සඳහායග 
කොමර්ෂල් බැංකුව විසින් වාහන කල්බදු සඳහා වසර හතක ලීසිං පහසුකමක් සඳහා සෑම රුපියල් 100,000 කටම රුපියල් 1,598 ක අඩු වාරිකයක් ලබා දෙයි. 
කොමර්ෂල් බැංකුවේ ලීසිං ගනුදෙනුකරුවන් සඳහා බැංකුවේ සුපර් ලීසිං සහ හයිබ්‍රිඩ් ලීසිං පහසුකම් මගින් තනි පුද්ගල ආදායමට ගැළපෙන පරිදි සකස් කළ ලීසිං විකල්ප තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site