ශ්රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින්ිජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි.
2025 ජුනි මස 1 වැනි දින සිට ජූලි මස 31 වැනි දින දක්වා ක්‍්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන් කාලය තුළ නව සහ පවතින NDB අරලිය ගිණුම් හිමියන් විසින් සිදු කරන තැන්පතු සඳහා විශේෂ ත්‍යාග ප‍්‍රදානය කරයි.
NDB අරලිය යනු කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දීමේ හැකියාව සහ කාන්තාවන්ගේ දිගුකාලීන සැලසුම් සඳහා සහය වීම වෙනුවෙන් කැපවූ කාන්තා ඉතුරුම් ගිණුමකි. මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ‍්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ට ඔවුන්ගේ ඉතුරුම් පුරුදු වලින් වටිනා ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙයි. ප්‍රවර්ධන වැඩසටහන් කාලසීමාව තුළ රු. 15,000 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ත්‍යාගා හිමිකර ගැනීමේ හැකියාව ඇත. මෙම ත්‍යාග, අරලිය ගිණුම් හිමි කාන්තාවන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසවන්තභාවය අගය කිරීමේ වටිනා සංකේතයක් ලෙස සංවිධානය කළ අතර, කාන්තාවන්ට තම මූල්‍ය පදනම ශක්තිමත් කර ගැනීමට ද මෙය මහඟු අවස්ථාවක් වේ.
නව ගිණුමක් විවෘත කිරීම හෝ පවතින ගිණුමකට ඉතුරුම් කිරීම මඟින් සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ප‍්‍රවර්ධන කාලය තුළ සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට අමතරව, NDB අරලිය ගිණුම කාන්තාවන්ගේ මූල්‍ය යහ පැවැත්ම ගොඩනැඟීම අරමුණ කරගෙන නිර්මාණය කර ඇති අසමසම ප‍්‍රතිලාභ රාශියක් ලබා දෙයි. ගිණුම් හිමියා සහ ඇයගේ ආසන්නතම පවුලේ අය සඳහා රු. 1,000,000 දක්වා නොමිලේ ජීවිත ආරක්ෂණ ආවරණයක් මෙන්ම ගිණුම් හිමියා සහ ඇයගේ ආදරණීයයන් සඳහා නොමිලේ රෝහල්ගත කිරීමේ ආවරණයක් ද මෙයට ඇතුළත් වේ. ඊට අමතරව, දරු ප‍්‍රසූතියකදී උපදින දරුවා වෙනුවෙන් රුපියල් 25,000 ක උපරිම තැන්පතුවක් සහිත NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමක් ද නොමිලේම බැංකුව විසින් පිරිනමයි. දිගුකාලීන ඉතිරි කිරීමේ වැදගත්කම අගය කිරීමක් ලෙස, රු. 25,000 ට වැඩි මාසික සාමාන්‍ය ශේෂයක් පවත්වා ගෙන යන අරලිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ 21 වැනි උපන්දිනයේදී විශේෂ තෑගි වවුචරයක් සඳහා ද හිමිකම් ලැබේ. ඊට අමතරව, ගිණුම් හිමියන්ට අරලිය සන්නාමය සහිත ATM ඩෙබිට් කාඩ්පතක් සහ තවත් බොහෝ සුවිශේෂී ප‍්‍රතිලාභ හිමිවේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කාන්තාවන්ට NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග