IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන්ට රුකුලක් වීමට අලියාන්ස් ලංකා SheResumes වැඩසටහන අරඹයි


තම වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රම බළකායට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා සහයක් වනු පිණිස අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම   “SheResumes” වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙකී වැඩසටහන, කාන්තාවන්ට නැවතත් වෘත්තීය ජීවිතයට අවතීර්ණ වීමේදී අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ඔවුන් වෙත ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

තම රැකියාවෙන් විවේකයක් ගත් පසු කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන අසීමිත අභියෝග පිළිබඳව හොඳින් අවබෝධ කර ගෙන ඇති අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම එම කාන්තාවන්ට වෘත්තීය පුහුණුව, නිපුණතා පුහුණුව සහ රැකියා සෙවීම සම්බන්ධයෙන්ද සිය උපරිම සහය ලබා දීමට මේ හරහා කටයුතු කරනු ඇත. වැඩසටහන සඳහා සහභාගී වන්නන්ට උසස් තත්වයේ රැකියා පුහුණුවක් හිමි වනු ඇති අතර, ඒත් සමගම ඔවුන්ට යළි රැකියාවක් සොයා ගැනීම පහසු කරලීම වෙනුවෙන් ඔවුන් ආයතනික ජාලයක් වෙත සම්බන්ධ කිරීම ද මෙහිදී සිදු වනු ඇත.

“SheResumes”  යනු තවත් එක් රැකියා සොයා දෙන වැඩසටහනක් නොවේ. එය කාන්තාවන් බලාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ට වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කර දීම අරමුණු කර ගත් පුළුල් වැඩසටහනකි. මෙහිදී, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තවත් ආයතන සමග හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම හරහා නැවත වෘත්තීය ජීවිතයට අවතීර්ණ වීමට බලා සිටින කාන්තාවන් වෙනුවෙන් නව රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය කිරීමට නියමිත ය.

මෙම වැඩසටහන, තම වෘත්තීය ජීවිතය තුළ වසර හතරකට වඩා වැඩි අත්දැකීම්වලින් පිරිපුන් නමුත්, මේ වන විට අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ ලෙස රැකියාවෙන් බැහැරව සිටින සියලු‍ම කාන්තා වෘත්තිකයන් සඳහා විවෘත වේ. “SheResumes” වැඩසටහන, රැකියා සෙවීමට සහය ලබා දීමේ සිට විශේෂ ක්ෂේත්‍ර පුහුණුවක් ලබා දීම දක්වා පුළුල් පරාසයක විහිදෙන අවස්ථා සමගින්, කාන්තාවන්ට සාර්ථක වීම සඳහා අවශ්‍ය සියලු‍ම සම්පත් සපයා දෙනු ඇත.

ඒ වගේම, නැවත වෘත්තීය ජීවිතයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට රුකුලක් වීම සඳහා මෙම වැඩසටහන සමග එක් වන මෙන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම සියලු‍ම ආයතන වෙත මෙහිදී ආරාධනා කරනු ලබයි. අප සියලු‍ දෙනා එක් වුවහොත් ලාංකේය කාන්තා වෘත්තිකයන්ට විශාල සහයක් වීමට අපට හැකියාව ලැබෙනු ඇත. මෙම වැඩසටහන හරහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විවිධත්වය සහ සැවොම අන්තර්ගත වෙන පරිසරයක් සඳහා වන කැපවීම තවත් ශක්තිමත් වනු ඇත. ඒ වගේම මෙය අලියාන්ස් සමූහය විසින් ගෝලීය වශයෙන් දියත් කරන ලද “SheResumes”  වැඩසටහන සමග ද ඒකාබද්ධ වේ.

 



අදහස් (0)

කාන්තාවන්ට රුකුලක් වීමට අලියාන්ස් ලංකා SheResumes වැඩසටහන අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site