IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීමට සන්ෂයින් හෝල්ඩින්ග්ස් - IFC අත්වැල් බැඳගනී

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව IFC සමග එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ රඳවා ගන්නා ආකාරය පිළිබඳ පුළුල් සමාලෝචනයක් IFC විසින් සිදු කරනු ඇත. එමෙන්ම කාන්තාවන්ට සන්ෂයින් හි ශ්‍රම බලකායට සම්බන්ධ වීමට සහ රැඳී සිටීමට ඇති අවස්ථා වැඩිදියුණු කිරීම මෙහි ඉලක්කයයි. 

මෙම වැඩසටහනේ කොටසක් ලෙස, ගෞරවනීය හා ආරක්ෂිත සේවා ස්ථානයක් ගොඩනැගීමට උපකාර කිරීම සඳහා IFC විසින් විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇති අතර සේවා ස්ථානයේ ගැටලු වළක්වා ගන්නා ආකාරය, සාමාජිකයන්ට ගැටලු වාර්තා කළ හැකි ආකාරය වැඩිදියුණු කිරීම සහ ගැටලු වාර්තා වූ විට සමාගම ප්‍රතිචාර දක්වන ආකාරය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම පුහුණුව මගින් අවධානය යොමු කරනු ලබයි.



අදහස් (0)

කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීමට සන්ෂයින් හෝල්ඩින්ග්ස් - IFC අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site