IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩොලාන සංරක්ෂණයට හේමාස් කන්සියුමර් WNPS සහයෝගීතාවක

හේමාස් කන්සියුමර් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා හේමාස් විසින් WNPS සමඟ වසර තුනක කාලයක් සඳහා තෝරාගත් බිම් ප්‍රමාණයක කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය දංකොටුව හේමාස් නිෂ්පාදන පරිශ්‍රය ආසන්නයේ පිහිටා තිබීමද සුවිශේෂී වේ.

මෙම ව්‍යාපෘතිය හරහා, කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා වූ පරිපූර්ණ ප්‍රවේශයක ආධාරයෙන්, ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන, හොඳින් පෝෂණය වී වර්ධනය වන අවස්ථාව දක්වා දැඩි අධීක්ෂණයකට ලක් කරයි. කඩොලාන සංරක්ෂණය පිළිබඳ ප්‍රාදේශීය ප්‍රජාවන් දැනුවත් කිරීමට හේමාස් කණ්ඩායම විසින් WNPS හා එක්ව දැනුවත් කිරීමේ සැසිද පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරවලින් සියයට50 කට වඩා විනාශ වූ පසුබිමක මෙවන් දිගුකාලීන ව්‍යාපෘති ඉතා වැදගත් කොට සැලකිය හැකිය. තවද, මෙම ව්‍යාපෘතියේ තවත් එක් සුවිශේෂීතාවක් ලෙස ව්‍යාපෘති අරමුදල්වලින් කොටසක් විද්‍යාත්මක අධ්‍යයන සහ පාරිසරික පද්ධතිය විශ්ලේෂණය කිරීම සඳහා යොමුකර තිබීම හැඳින්විය හැකිය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ හේමාස් කන්සියුමර් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා මුණසිංහ මහත්මිය මෙලෙස පැවසුවාය. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අපට නැතිවී යන ආනවිළුන්දාව තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ අප ඉතා සතුටට පත් වනවා. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් ක්‍රියා කරන සමාගමක් ලෙස හේමාස් සැමවිටම සොබාදහම හා සම්බන්ධ සංරක්ෂණ කටයුතුවල පෙරමුණ ගෙන සිටිනවා. මෙවැනිම ආකාරයේ ව්‍යාපෘති රැසක් සඳහා ඉදිරියේදී අඛණ්ඩව අරමුදල් සපයමින් සහාය ලබා දීමට අප ක්‍රියා කරනවා.

 



අදහස් (0)

කඩොලාන සංරක්ෂණයට හේමාස් කන්සියුමර් WNPS සහයෝගීතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site