IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කෝටි 1100ක වියදමින් හැඩ ඔය හරහා ජලාශයක්

රුපියල් කෝටි 1100ක වියදමින් අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකාරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව් අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6500ක පමණ ඉඩම් වල වගා කටයුතු සිදු කැරෙයි. හැඩ ඔය දෙපස පිහිටි කුඹු රජයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර ජලය ප්‍රමාණවත් නොවීම නිසා යළ කන්නයේ වගා කටයුතු අඩාල වේ.

අම ගැටළු නිරාකරණයට සහ අමතර හෙක්ටයාර 5300කට අවශ්‍ය වාරි ජලය සැපයීමට හැකි වන පිරිදි මෙම ජලාශය ඉදි කිරීමට නියමිතය.



අදහස් (0)

කෝටි 1100ක වියදමින් හැඩ ඔය හරහා ජලාශයක්

ගයේෂා පෙරේරා Thursday, 05 May 2016 05:09 AM

අනේ මට නම් ඔය භූගෝල විද්‍යා පාඩම් හරිහැටි තේරෙන්නේ නැහැ. පුංචි කාලේ පාසල් යන අවදියේ පටන් මම භූගෝල විද්‍යාවට අඩු ලකුණු ගත්තු නිසා වැඩිය ඒවා ගැන දන්නේ නැහැ. මම හිතනවා ජලාශ ලංකාවේ කොහේ ඉදිවුනත් කමක් නැහැ කියලා හදන්න අය ඉන්නවා නම් (බ)

:       0       0

උපාලි Thursday, 05 May 2016 03:01 AM

විජිත් මහතා කියන දේවල් සිතට ගත යුතුය. දේශපාලකයෝ භූගෝලිය වෙනසකම් වෙන යම් නිර්මාණයක් ගැන යෝජනා කරනවා නම් එය ඉංජිනේරුවන්ගේ සහ භූ විද්‍යාඥයන්ගේ තාක්ෂණ ඇගයීමකට යටත්විය යුතුමය. එය මොරටු විශ්ව විද්‍යාලයේම කියා සීමා කිරීමට අවශ්‍ය නැති බව මගේ වැටහීමයි. බුද්ධිමතුන් කවර තැනක සිටියත් ඔවුන් හඳුනාගෙන අදහස් එකතු කරගෙන තීරණයකට එළඹීම තමයි සුදුසු. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 05 May 2016 09:23 AM

ලංකාවේ දැන් සහල් අතිරික්තයක් තිබෙන බවටයි වාර්තා පලවෙන්නේ. ඒ හින්දම උතුරු මද කුඹුරු විකල්ප බෝග වගාවනට යොදා ගන්න යෝජනා කළා. මේ වගේ මහා පරිමාන ව්‍යාපෘති සැලසුම් කරන්න කලින් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කරලා ශක්‍යතාවය තහවුරු කර ගැනීමයි මුලින්ම කල යුත්තේ. (ර)

:       0       0

බන්දුල Saturday, 07 May 2016 02:12 PM

ජලාශ හිතුමතේ ඉදිකිරීම පරිසර වෙනස්වීමට බලපානවා. මේවා හදන්න දුප්පත් රටවලට ණය ආධාර දෙන රටවල් මේවා සළකන්නේ නැහැ. (නි)

:       0       0

විජිත් Wednesday, 04 May 2016 06:12 PM

මොනවා කළත් කමක් නැහැ. භූවිද්‍යාව ගැන දන්නා විශාරදයන් ලවා පාරිසරික ඇගයීමක් කොට ඔවුන්ගේ අනුමැතිය ලැබුනොත් ව්‍යාපෘතිය පටන්ගන්න. සියලුම සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් 100% ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයට බාර දෙන්න. දැන්වත් අපේ දැනුම ලබාගන්න රජයට ඇස් ඇරිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site