IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කටහඬින් Dialogටෙලිවිෂන් හැසිරවිය හැකි TeDi Alexa ක්‍රමවේදය හඳුන්වා දෙයි

කටහඬින් ලබාදෙන විධාන (Voice Commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිත කිරීමට පහසුකම් සලසමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක්‍රමවේදය හඳුන්වා දීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කළේය. එසේම ඩය‍ලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිත වන උපාංග කටහඬින් පාලනය කළ හැකි, කෘත්‍රිම බුද්ධියෙන් බල ගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහසුමක ද මේ සමඟම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි එම සමාගම කියයි.

මෙම ස්මාර්ට් හෝම් විසඳුම් හරහා පාරිභෝගික ජනතාවගේ නිවාස නවීන තාක්ෂණයෙන් බලගන්වමින් රූපවාහිනියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කටහඬින් කළ හැකි තරම් පහසු අත්දැකීමක් ලබාදෙයි. ඊට අමතරව, Alexa මඟින් සැපැයෙන සේවා සුපුරුදු පරිදි භාවිත කළ හැකි අතර, ස්මාර්ට් ස්පීකරය මඟින් IR තාක්ෂණය සහිත වායුසමීකරණ යන්ත්‍ර, හෝම් තියටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාංගයක් කටහඬ හරහා පාලනය කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැක. නොබි‍ඳෙන ඩයලොග් සබඳතාවය සමඟ මුසුවන කෘත්‍රිම බුද්ධියේ බලය මෙරට පාරි‍භෝගිකයෙන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු එකක් වනු ඇති බවට ඩයලොග් ටීවී ආයතනයේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් හඳුන්වා දෙන ප්‍රථම ඒකාබද්ධ උපාංගය වන TeDi Alexa අනාගත ලෝකයට ඔබින නවමු අත්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයන්ට ගෙන එනු ඇත. වර්තමානයේ ස්මාර්ට් මාධ්‍යයකට ඒකාබද්ධ කළ ඇමසොන් සමාගමේ පළමු කෘත්‍රිම බුද්ධිමය උපාංගය ලෙස TeDi Alexa හඳුන්වා දිය හැක. එමගින් ඊට සබඳන ලද උපාංග කටහඬින් පාලනය කිරීමට පහසුකම් සලසා පාරිභෝගිකයාගේ නිවස ස්මාර්ට් නිවසක් බවට පරිවර්තනය කරයි.

 



අදහස් (1)

කටහඬින් Dialogටෙලිවිෂන් හැසිරවිය හැකි TeDi Alexa ක්‍රමවේදය හඳුන්වා දෙයි

chandima Friday, 06 August 2021 02:06 AM

හැබැයි ඉතින් මතක තියාගන්න ඕනෑ... ඒක ඉස්සරහ කතාකරන වෙන ඕනෑම දෙයක් වුණත් දුරස්ථව අධීක්ෂණය කරන්න පුළුවන් බව... අලුත් කාර් ගැන කතා කළොත් කාර් ගැන ඇඩ් ලැබෙයි. දත් බෙහෙත් ගැන කතා කළොත් දත් බෙහෙත් ඇඩ් බලන්න පුළුවනි.

:       15       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site