කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සිය කොටස් හිමියන් සමග පවතින සබඳතා සීමා කරන පියවර කෙරෙහි විනිමය හා සුරැකුම් කොමිසමේ අවධානය යොමු විය යුතුව තිබේ. සමාගම්වල තොරතුරු හා මුල්‍ය වාර්තා ලබාගැනීම කොටස් හිමියන්ගේ අයිතියකි. වාර්ෂික සභා රැස්වීම්වලට සහභාගීවිය හැකි අතර, අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම් හා අනෙක් තීරණ ගැනීම්වල දී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිවාසිකමක් තිබේ. පිරිවැය අඩුකරගැනීම අරමුණු කරගෙන කරන තාක්ෂණික උපක්‍රම සුදුසු නැති බව සුළු ආයෝජකයෝ පෙන්වා දෙති.
මුල්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන අතර, ඒවායේ පිටපත් කොටස් හිමියන්ට ලැබෙන්නට සැලැස්වීම අවශ්‍යය. එහෙත් මුද්‍රණ වියදම් සලකා ඒවා සීඩී මගින් ලබාදීමට ඇතැම් සමාගම් ක්‍රියා කළ අතර, අවශ්‍ය පිරිසට කලින් ඉල්ලීමක් කළහොත් මුද්‍රිත පිටපතක් ලැබේ. ඇතැම් සමාගම් සාරාංශ ගිණුම් පමණක් කුඩා පත්‍රිකාවක බහා එවන බව දැක්වේ. මේ අතර වාර්ෂික සභා රැස්වීම සීමිත පිරිසකට සීමා කරන අතර, තවත් සමාගම් ඒවා ඔන්ලයින් ක්‍රමයට හරවා තිබේ. මෙම සංශෝධනවලින් බහුතරයක් ගනුදෙනුකරුවන් අධෛර්වත් වී ඇති අතර, කොටස් මිල දී ගැනීමෙන් ඉවත්වීමක් නිරීක්ෂණය කළ හැකි වේ.
සියලු කොටස් මිල දර්ශකය ඊයේ (අගෝ. 06) ඒකක 19,804.80 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 86.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,841.59 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 11.30 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 4.45 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 29,717 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 162.4 ක් විය. සමාගම් 161 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 84 කි.
දිනයේ ආරම්භයේ දී වර්ධනයක තිබුණ වෙළෙඳපොළ පසුව වඩා ඉල්ලුමක් රහිත සාමාන්‍ය උච්ඡාවචනයක පැවැති අතර, ඉදිරි දිනය තුළ පමණක් වහා වර්ධනයක් සිදුවිය නොහැකි බවට තක්සේරුවකට ගනුදෙනුකරුවන් පැමිණි බවක් නිරීක්ෂණය වේ. කෙසේ වෙතත් ලබන සතියේ දී නැවත වතාවක් වෙළෙඳපොළ සක්‍රීය වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටස් හිමියන්ගේ අයිතිය සීමා කිරීම ගැන නිරීක්ෂණයක්