IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (07) වාර්තාගත පසුබැසීමක් සනිටුහන් කරන ලද අතර එය මෑත කාලය තුළ දක්නට ලැබුණ ඉතා අනපේක්ෂිත තත්වයක් බව සඳහන් කළ යුතුව තිබේ. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු  පසුගිය ජනවාරි 30 වැනි දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ව ඉතා ඉහළ අගයකට පත්ව තිබුණ අතර පළාත් පාලන මැතිවරණයට දින නියමව තිබිය දී මෙදින ගනුදෙනුවලදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,661.45 තෙක් පහත වැටිණ. මෙම කාල පරාසය තුළ ඒකක 2,454 කින් දර්ශක පහත වැටීමක් සිදු වී තිබේ. ඊයේ ගනුදෙනුවල දී පමණක් එක් දිනක් තුළ සියලු කොටස් මිල ඒකක 712 කින් පහත ගියේය.

ඇමරිකානු ආණ්ඩුව පනවන ලද අලුත් බදු හේතු කොටගෙන ලෝකය පුරා සැලකිය යුතු කැළඹීමක් හටගෙන ඇති අතර ජාත්‍යන්තර ප්‍රකට වෙළෙඳපොළ ගණනාවක දර්ශක පිරිහීමකට පත්ව තිබේ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හා එහි දී දෙරටට වාසිදායක සේ අත්සන් කරන ලද ගිවිසුම්වලින් එන ප්‍රතිලාභ නොසලකන ලද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන් දිගින් දිගටම කොටස් විකිණීමට උනන්දුවන බවක් පෙනිණ. කෙසේ වෙතත් මෙහි දී ශුද්ධ විදේශ ගැනුම් වශයෙන් රු. මිලියන 300 ක මුදලක් රටට ලැබීම විශේෂත්වයකි. විදේශ ආයෝජන වශයෙන් රු. මිලියන 698.97 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 398.70 කි.  

ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,264.84 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 268.51 ක පහළ යෑමක් සේ  දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට පසුබැසීම ආරම්භ වූ අතර විකිණීමේ උත්සාහය හේතු කොටගෙන දර්ශක තවදුරටත් පහළ අගයකට පත්විය.  එහෙත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිවැටුම රු. බිලියන 5.05 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,400 ක් වූ අතර කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 37 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 212 වේ. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,253.1 දක්වා අඩු වී ඇත.

 



අදහස් (0)

කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site