IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ

කොළඹගම්පහකළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත

ඒ අනුව සඳුඳා, එනම් (11) පෙරවරු 10.30ට කොළඹ වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

උදෑසන 10.30ට පූර්ව සැසියක් ආරම්භ වන අතර උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකක කාලයකට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
 
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදු වන්නේ උදෑසන 9.30සිට පස්වරු 2.30 ක් දක්වා පැය පහකට ආසන්න කාලයකි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සියයට 5කින් පහළ වැටුණොත් වෙළෙඳ කටයුතු මිනින්තු 30කට තාවකාලිකව නවතා දැමීම මීට පෙර සිදුවිණි. ඊට වෙනස්කම් කිහිපයක් එක් කර ඇතැයි ප්‍රකාශකයා කීය.
 
ඒ අනුව තවත් 2.5% කින් එනම්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 7.2%  කින් පහළ ගියහොත් තවත් මිනිත්තු 30ක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
 
තවත් 2.5% කින් එනම් එම දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු 10 % කින් පහත වැටුණොත් දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇත.
 
(055)



අදහස් (2)

කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ

Buddhika P Saturday, 09 May 2020 06:03 PM

මේ සුමානේ තමයි ආණ්ඩුවට ඇසිඩ්-ටෙස්ට් එක හම්බ වෙන්නේ. විශේෂයෙන්ම ගෝඨා සාර්ථක පාලකයෙක්ද නැද්ද යන්න ආයෝජකයෝ දකින විදිය බලන්න පුළුවන්. ගෝඨා රාජ්‍ය පාලකයෙක් හැටියට ගොඩ නගා ගත්ත සාර්ව-ප්‍රතිරුපේ, කොහොම ඇගයීමකට ලක් වෙයිද කියන ප්‍රශ්නේ කාගේත් පපුවේ ඩිග් - ඩිග් ගාල ගැහෙනවා. ආයෝජකයෝ තමයි ලෝකේ අනියම් පාලකයෝ. කොහේ කවුරු මොන තීන්දු තීරණ ගත්ත උනත්, ආයෝජකයෝ මඟ ඇරලා මොකුත් කරන්න බෑ. කොරෝනා ආණ්ඩුව පාලනය කළා නම් කලේ, ලක්-බයි චාන්ස් එක්ක මිසක්, නිවැරදි තීන්දු තීරණ මත නොවේ. සමහර වෙලාවට හුඟක් ව්‍යසන කළමනාකරණ තීන්දු අපේ පුද්ගලික ජීවිතේ උනත් ඒ වගේ. අපි බලමු වාසනාව ගෝඨා පැත්තේද නැද්ද කියල. තවත් දෙයක් තියෙනවා, කොටස් වෙළඳ පල ඇතුලේ ඉන්සයිඩර් ඩීලීන්ස් හුඟක් තියෙනවා. මුලික ආයෝජකයෝන්ට අතයට ප්‍රතිලාභ හුඟක් ලැබුනොත්, අපි කවුරුවත් දන්නේ නැති. උන් කොහෙවත් යන්නේ නෑ. මොකද කොටස් වෙළඳ පල තමයි ලෝකේ තියෙන ලොකුම සූදු පොළ.

:       151       417

rana Sunday, 10 May 2020 07:09 AM

බයියෝ දන්නා කොටස් වෙළඳපොල..., ඕක කොස් විකුණන තැනක් නොවේ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 617 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 523 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site